ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආපදා මරණ ගණන 390ක් දක්වා ඉහළට - පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන්
ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන් වී තිබේ.
පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
එම මධ්‍යස්ථානය ඊයේ ප.ව. 6:00 නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආපදා හේතුවෙන් නිවාස 432ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි.




