ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
විදේශීය පරිත්‍යාගශීලීන්ට ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.
ලේකම්,
ආරක්ෂක අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC),
විද්‍යා මාවත, කොළඹ 07
තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.
www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ.
විදෙස් පරිත්‍යාග තීරු බදු නැතිව ගෙන්වන ක්‍රමයක්
T
The Leader Desk
December 2, 2025 • 4:14 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.
- විදේශීය පරිත්‍යාගශීලීන්ට ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අය කිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.
- www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ relief25@customs.gov.lk ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



