මීට පෙර කිසිදු ගංවතුරකදී මහනුවර නගරය යට නොවූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා, කිසිදිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත්වුණු බවද සඳහන් කළේය
ඔහු මෙසේ පැවසුවේ ඊයේ (01) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ඛේදවාචකය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත් කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීමෙන් ගම්පොළ නගරය යටවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
ලංකාවට අධික වර්ෂාවක් පතිත වන බවට නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා අංශ තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී එම ජලාශවල වාන් දොරටු වරින් වර ක්‍රමානුකූලව විවෘත කිරීමට හැකියාව තිබූ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල, මහනුවර නගරය සහ ඒ අවට ගම්මාන වලට සහන සැලසීමේ රජයේ යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා කළේය.
හදිසි විපත්වලදී ක්ෂණිකව තීන්දු තීරණ ගැනීමට පිහිටවනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස්වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
මෙම ආපදාවෙන් සෑම මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම 25 ත් 30ත් අතර පිරිසක් මිය ගොස් ඇතැයිද හෙතෙම පැවසුවේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි
T
The Leader Desk
December 2, 2025 • 4:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මීට පෙර කිසිදු ගංවතුරකදී මහනුවර නගරය යට නොවූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා, කිසිදිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත්වුණු බවද සඳහන් කළේය ඔහු මෙසේ පැවසුවේ ඊයේ (01) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
- මෙම ඛේදවාචකය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත් කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීමෙන් ගම්පොළ නගරය යටවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
- හදිසි විපත්වලදී ක්ෂණිකව තීන්දු තීරණ ගැනීමට පිහිටවනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස්වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
- මෙම ආපදාවෙන් සෑම මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම 25 ත් 30ත් අතර පිරිසක් මිය ගොස් ඇතැයිද හෙතෙම පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



