මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ මහ නගර සභාව විපක්ෂ නායක හා ස්වාධීන කණ්ඩායම් නායක අජිත් කුමාර...
ජනාධිපතිතුමනි..., මේ ඔබේ අවධානයට...
''මේක අද ඊයේ එක වෙන එකක් නෙමෙයි, නුවරඑළියට කවුරුහරි හොඳක් කරනවා නම් බලාගෙන ඉන්න බැරි කාලකණ්ණි පිරිසක් එදා ඉඳන් පෙත්සං ගහලා රාජ්‍ය නිලධාරීන් එළවන්න සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පුළුවන් වගේම ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා සහයෝගය ලබාදෙන පිරිසක් මෙහෙට පත්කර ගන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. ඔවුන්ගේ එකම රැකියාව සමාජයට පොදුවේ හොඳ කරන මිනිස්සු හා ඔවුන්ට පෞද්ගලිකව හොඳක් කරන්නැති රාජ්‍ය නිලධාරීන්ට හා සේවකයන්ට පහර ගැසීම. ගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමුවෙලා මේ පිළිබඳව සොයා බලන්නට ඕන.
රාජ්‍ය නිලධාරින් ගෙන් පෞද්ගලික තරහ පිරිමහනවා
ඊයේ දිනයේදීත් නුවරඑළිය නගරයේ සුද්ද පවිත්‍ර කරන්න මහ නගර සභාවෙන් ජල බවුසර් පොදුවේ ලබාදුන්නා. මේ වැඩේටත් ඔවුන් මහජනතාව කුපිත කරවන අන්දමින් මුහුණු පොතේ යම් යම් දේවල් පළ කරමින් ඉතාම පහත් අන්දමින් කටයුතු කරලා තිබුණා. මේ ක්‍රියාව අපි තරය හෙළා දකිනවා. රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වෙළඳසැල් සියල්ල ම කලින් තිබ්බ තත්ත්වයට පිළිසකර කරලා රටේ ආර්ථිකයට දායකත්වය දෙන්න තමයි අපි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ වැඩ කරගෙන යන්නේ. ඔවුන්ට රාජ්‍ය නිලධාරීන් එක්ක තියෙන පෞද්ගලික තරහවල් පිරිමහන්න මේක වෙලාවක් කරගෙන. ඔවුන් පවසන්නේ පෞද්ගලික ආයතනවලට ජල බෞසර ලබාදීම වැරදියි කියලා. ඒත් අපි දකින්නේ පොදුවේ මේ හැම කෙනාටම පහසුකම් සපයන්න ඕන එක මහ නගර සභාවේ වගකීමක් හැටියට.''
(සටහන | නාලක රත්නායක, නුවරඑළිය)




