The Leader News
BREAKING
Top Ad
පුවත්

‘හෙට එච්චර කළුවර නැතැ’යි විදුලි ඇමති කියයි

T

The Leader Desk

December 2, 2025 • 5:25 PM

‘හෙට එච්චර කළුවර නැතැ’යි විදුලි ඇමති කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් තත්වය හොඳින් කළමනාකරණය කර ගන්නට හැකිවූ බවත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසිය.
  • ඉතා විශාල කැපවීමකින් සහ වෙහෙස වී කටයුතු කළ , අඛණ්ඩව දැනටත් ඒ කටයුතුවල යෙදිලා ඉන්න විදුලි සේවකයින්ට ස්තූතිය පුද කරන බව කී ඇමතිවරයා,ඉතා දුෂ්කර තත්වයක් තුළත් බිඳ වැටීම් වලින් 70%කට අධික ප්‍රමාණයක් ඉතා ඉක්මණින් අළුත්වැඩියා කරන්න හැකිවූ බවත් කීය.
  • උකුවෙල බෝවතැන්න කිලෝ වොල්ට් 132 මාර්ගයේ කුළුණකට හානි සිදුව ඇති බවත්, එතැනද තාවකාලික කුළුණක් ඉදි කිරීම ආරම්භ කර ඇති බවද කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් තත්වය හොඳින් කළමනාකරණය කර ගන්නට හැකිවූ බවත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසිය.

ඉතා විශාල කැපවීමකින් සහ වෙහෙස වී කටයුතු කළ , අඛණ්ඩව දැනටත් ඒ කටයුතුවල යෙදිලා ඉන්න විදුලි සේවකයින්ට ස්තූතිය පුද කරන බව කී ඇමතිවරයා,ඉතා දුෂ්කර තත්වයක් තුළත් බිඳ වැටීම් වලින් 70%කට අධික ප්‍රමාණයක් ඉතා ඉක්මණින් අළුත්වැඩියා කරන්න හැකිවූ බවත් කීය.

රන්ටැඹේ සිට මහියංගනය දක්වා කිලෝ වෝල්ට් 132 විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට අයත් කුළුණක් හා රැහැන් පද්ධතියේ සිදුවූ විනාශය නිසා නැගෙනහිර පළාතේ විදුලි සැපයුම තදබල ලෙස බිදවැටි ඇතිබවත් තාවකාලික සම්බන්ධතාවයක් හරහා ඒ ප්‍රදේශයේ රෝහල් වැනි වැදගත්ම ස්ථානවලට විදුලි සැපයුම ලබා දෙන්නත් ප්‍රදේශයේ එක් එක් ස්ථානයට කඩින් කඩ පැය දෙක බැගින් විදුලිය ලබාදී තත්වය කළමනාකරණය කර ගන්නට දැනට කටයුතු යොදා ඇති බවත් හෙතෙම පැවසීය.

උකුවෙල බෝවතැන්න කිලෝ වොල්ට් 132 මාර්ගයේ කුළුණකට හානි සිදුව ඇති බවත්, එතැනද  තාවකාලික කුළුණක් ඉදි කිරීම ආරම්භ කර ඇති බවද කීය.

දැනටත් ජලය බැසයමින් පවතින ප්‍රදේශවල අළුත්වැඩියා කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කෙරෙන අතර ඒ අනුව විදුලි බලය යථා තත්වයට පත්කිරීම සිදු වන බව කී ඇමතිවරයා, තත්වය අවබෝධ කරගෙන ඉවසිලිවන්තව සහ සහයෝගශීලීව කටයුතු කරන විදුලි පාරිභෝගිකයන්ටත්, විවිධ අයුරින් සහයෝගය ලබා දෙන සියළු දෙනාටත් දැනුම් දුන්නේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘හෙට එච්චර කළුවර නැතැ’යි විදුලි ඇමති කියයි | The Leader