The Leader News
BREAKING
Top Ad
පුවත්

නැගෙනහිර වගා හෙක්ටයාර ලක්ෂයක් ඉවරයි

T

The Leader Desk

December 2, 2025 • 5:40 PM

නැගෙනහිර වගා හෙක්ටයාර ලක්ෂයක් ඉවරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයන්ත ලාල් රත්නසේකර ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පැවැසීය.
  • ආණ්ඩුකාරවරයා මේ බව කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා රාත්‍රියේ පැවති සූම් සාකච්ඡාවේදීය.
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මෙහිදී අදහස් දක්වමින් කීවේ, මහනුවර සහ මාතලේ විසන්ධි වූ විදුලි බලය බොහෝ ප්‍රමාණයක් මේ වන විට යළි ස්ථාපිත කර තිබෙන බවයි.
  • එහි ජල සැපයුම් සැපයීමේ ප්‍රශ්නයක් තවම තිබෙන බව කී ආණ්ඩුකාරවරයා, මහවැලි ගඟේ ජල පොම්පාගාරයේ මඩ ඇතුලට ගොස් තිබීම ඊට හේතුව බව කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජයන්ත ලාල් රත්නසේකර  ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පැවැසීය.

ආණ්ඩුකාරවරයා මේ බව කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා රාත්‍රියේ පැවති සූම් සාකච්ඡාවේදීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මෙහිදී අදහස් දක්වමින් කීවේ, මහනුවර සහ මාතලේ විසන්ධි වූ විදුලි බලය බොහෝ ප්‍රමාණයක් මේ වන විට යළි ස්ථාපිත කර තිබෙන බවයි. එහි ජල සැපයුම් සැපයීමේ ප්‍රශ්නයක් තවම තිබෙන බව කී ආණ්ඩුකාරවරයා, මහවැලි ගඟේ ජල පොම්පාගාරයේ මඩ ඇතුලට ගොස් තිබීම ඊට හේතුව බව කීය.

ගලගෙදර, මාතලේ සහ මහියංගන මාර්ග වල එක් මං තීරුවක් බැගින් විවෘත කර තිබෙන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්වරයා කීවේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය , අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර වල බිඳවැටුණු පහසුකම් යළි ස්ථාපිත කිරීම සඳහා දළ වශයෙන් මිලියන 8100ක් පමණ අවශ්‍ය වෙතියි ඇස්තමේන්තු කර තිබෙන බවයි.

ඉදිරියේදී අනිවාර්යයෙන්ම එළවළු හිඟයක් ඇතිවිය හැකි බවද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා මෙහිදී කීය. වයඹ ප්‍රධාන ලේකම්වරයා  පැවසූයේ වී වගා බොහොමයක් නැවත වගා කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා බිත්තර වී අවශ්‍යතාවයක් පවතින බවයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා කීවේ තම පළාතේ කුඹුරු හෙක්ටයාර් 650ක්, බඩ ඉරිඟු හෙක්ටයාර් 889 ක්, සහ අතිරේක භෝග වගා හෙක්ටයාර් 189 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි.

ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසූයේ ඌව පළාතේ වී වගාවෙන් සියයට 20ක් පමණ ආපදා  නිසා විනාශ වී ඇති බවයි.එළවළු වගා හෙක්ටයර් දස දහසකට හානි වී තිබෙන බවද ඇය කීවාය.

බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් කීවේ ගංවතුරට බස්නාහිර මාර්ග කිලෝමීටර් 142ක් පමණ යට වූ බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...