The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ් කළේ ඇයි ?

T

The Leader Desk

December 2, 2025 • 5:46 PM

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ් කළේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අද (02) පස්වරුවේ ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
  • අදාල විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
  • සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2015 මාර්තු මාසයේදී ලද නිර්ණාමික ලිපියක් අනුව සැකකරුට එරෙහි මෙම විමර්ශනය ආරම්භ කළ බවය.
  • මාර්තු 31 දින සිට 2013 මාර්තු 31 දින දක්වා කාලයතුළදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ වියදම් ප්‍රමාණයක් සැකකරු විසින් කර ඇති බව පෙන්වා දුන් අල්ලස් කොමිසම ඊට අදාළ වත්කම් ලේඛනයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) පස්වරුවේ ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම් උපයා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්   හිටපු අමාත්‍ය සී.බී රත්නායක මුල් අවස්ථාවේදීම සියවත්කම් හෙළි නොකර සිටි පුද්ගලයකු බැවින් හා ඔහුගේ ක්‍රියා කලාපය ඉදිරි විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම පැවසීය.

අයථා වත්කම් සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසම මගින් ලබා දුන් නිවේදනය ලැබෙන තෙක් විමර්ශන සඳහා පෙනී සිට නොමැති සැකකරු ඉදිරි විමර්ශනයන්ට බාධා නොකරන්නේ යැයි මතයකට එළඹිය නොහැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාල විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2015 මාර්තු මාසයේදී ලද නිර්ණාමික ලිපියක් අනුව සැකකරුට එරෙහි මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

2011 මාර්තු 31 දින සිට 2013 මාර්තු 31 දින දක්වා කාලයතුළදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ වියදම් ප්‍රමාණයක් සැකකරු විසින් කර ඇති බව පෙන්වා දුන් අල්ලස් කොමිසම ඊට අදාළ වත්කම් ලේඛනයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

රාගල පිහිටි කෝටි ගණනක් වටනා ඉඩමක් මිලදී ගැනීම,එන් බි ආර් සන් නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම, සිය හිතවතුන් සඳහා ඩුබායි සංචාරවලට මුදල් සැපයීම, හිතවත් තැනැත්තෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම, නැසී ගිය සහෝදරයකු වූ එස් බී රත්නායක මහතාගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් සැකකරුට කරුණු පහදා දී 2023 අංක 19 දරන දූෂණ විරෝධී පනත අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවද පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...