The Leader News
BREAKING
Top Ad
පුවත්

බිඳ වැටුණු සන්නිවේදන ජාල හෙට වෙද්දි හදන්න පුළුවන් - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

T

The Leader Desk

December 3, 2025 • 5:36 AM

බිඳ වැටුණු සන්නිවේදන ජාල හෙට වෙද්දි හදන්න පුළුවන් - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
  • "නාය යාම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා.
  • ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු කළා.
  • ජල ගැලීම් සහ නාය යාම් නිසා සිදු වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"නාය යාම් සහ ජල ගැලීම් නිසා  ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු  කළා. මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙනවා. එහිදී අතුරු ස්ථාන කිහිපයක හැරණු විට අනෙක් ස්ථානවල ෆයිබර් ජාලය හරහා සන්නිවේදන කටයුතු සිදු කෙරෙනවා.

ජල ගැලීම් සහ නාය යාම් නිසා සිදු වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබුණා. මේ වන විට එයින් 2800ක් වැනි ප්‍රමාණයක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් 949ක් අක්‍රීය වී තිබෙන්නේ  විදුලිය විසන්ධි වීම නිසයි. ඒ අනුව ඉතිරි ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.

කඩිනමින් ටෙලිකොම් කුළුණු වෙත ගොස් ඒවාට අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීමට ත්‍රිවිධ හමුදාවේ උපරිම සහාය ලැබෙනවා. නොවැම්බර් 28 වනදා මේ ව්‍යසනය ඇති වූ සැනින් ජනතාවට දුරකථන ජාලා සම්බන්ධ කර ගත නොහැකි වුවත්  SMS යැවීමේ පහසුකම ඇති කිරීමට අවශ්‍ය තාක්ෂණය අපි සූදානම් කළා. නමුත් 29 වන දින සෑහෙන ප්‍රමාණයක් ෆයිබර් සබදතා සකස් කර ගැනීම නිසා එය අවශ්‍ය වුණේ නැහැ.

දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවලයි. ඒ ප්‍රදේශවලින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. නමුත් අද උදෑසන වන විට නුවරඑළිය, පුත්තලම යන දිස්ත්‍රීක්කවල 75%කට වඩා සබඳතාව සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම නුවර දැනට තිබෙන 65%ක් වැනි ප්‍රමාණය අද උදෑසන වන විට 70%ක් වැනි ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

තම නැදෑ හිත මිතුරන් සමග සබඳතා ඇති කර ගැනීම සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් ජනතාවට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි. දැන් 80%ට වඩා වැඩි ප්‍රමාණයක් එය නිරාකණය කර තිබෙනවා. අනිද්දා දිනය වන විට එය 100%ක්  දක්වා පිළිසකර කර ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...