The Leader News
BREAKING
Top Ad
පුවත්

පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න - රනිල් කියයි

T

The Leader Desk

December 3, 2025 • 3:26 PM

 පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න - රනිල් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය.
  • පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
  • ජනාධිපති සහ අගමැති කාර්යාල වල ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන නැතැයි කී හිටපු ජනාධිපතිවරයා, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයි ද කීය.
  • "වර්ෂ 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම පිළිබඳව රජයේ ආයතන දැනුවත් කිරීම සඳහා 2025 දී වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වුවද, නොවැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කළේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ කීය.

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපති සහ අගමැති කාර්යාල වල ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන නැතැයි කී හිටපු ජනාධිපතිවරයා, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයි ද කීය.

රට මුහුණ දී සිටින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් සමඟ පැවැති මෙම සාකච්ඡාව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.

දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතා හෙතෙම තවදුරටත් මෙසේද පැවසීය.


"වර්ෂ 2023-2030 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම පිළිබඳව රජයේ ආයතන දැනුවත් කිරීම සඳහා 2025 දී වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වුවද, නොවැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කළේ නැහැ.


නොවැම්බර් 28 වැනි සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, හේතුවෙන් සැලැස්ම යටතේ කාර්යයන් පවරා ඇති සියලුම දෙපාර්තමේන්තු, අංශ සහ අනෙකුත් නිලධාරීන් අක්‍රිය වූවා.

පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මඟ හරිමින් ආධාර දීම දේශපාලනීකරණය කිරීම සහ තවත් සමාන්තර ආපදා සහන අරමුදලක් පිහිටුවනු ලැබුවා.

* මේ ව්‍යසනයට මුහුණ දීම සඳහා උපාය මාර්ගයක් තිබුණේ නැහැ.

* එසේම පුනරුත්ථාපනය සහ අලුත්වැඩියාව සඳහා සැලසුම් ද ඇත්තේ නැහැ.

* මස්, මාළු සහ බිත්තර විකිණීම සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුයි."

යනුවෙන් හෙතෙම පැවසීය.

රජයේ අද්දැකීම් අඩුකම නිසා, පාර්ලිමේන්තුව විසින් ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ අධීක්ෂණ කමිටුවක් පත් කිරීම අවශ්‍ය වන අතර, එහි සභාපතිත්වය පළපුරුදු මන්ත්‍රීවරයෙකු විසින් දැරිය යුතු බවත් කබීර් හෂීම් වැනි මන්ත්‍රීවරයෙකු ඊට නම් කළ හැකි බවත් ඔහු පැවසූ අතර එහි සාමාජිකයින් ලෙස අත්දැකීම් ඇති රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමාන සංඛ්‍යාවක් පත් කළ යුතු යැයිද පැවසීය.

"ව්‍යසනයෙන් පසුව සාමාන්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වගකීම් පැවරිය යුතුයි. පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවට පාර්ලිමේන්තුවට වාර්තා කළ හැකියි. ආපදාවේ කෙටි කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක තක්සේරු කිරීම සඳහා අධීක්ෂණ කමිටු ආර්ථික ඒකකයක් ද පත් කළ යුතු වනවා.


නොවැම්බර් 28 වැනි දිනට අදාළව ආපදා කළමනාකරණයේ අඩුපාඩු පිළිබඳව වාර්තා කිරීම සඳහා රජයේ සහ විපක්ෂයේ සමාන සාමාජිකයින් සංඛ්‍යාවක් සහිත විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත් කළ යුතුයි. කමිටුව මාස 6 ක් ඇතුළත නවතම වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා." යැයිද වික්‍රමසිංහ කීය.


"දිස්ත්‍රික්කවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ට භාර දිය යුතුයි. දිස්ත්‍රික් ලේකම්වරුන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා. දේශපාලන සහ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් ඒවායින්  ඉවත් කළ යුතුමයි.

අය වැය මේ අවස්ථාවේදී අදාළ කරගත යුතු නැහැ. හානියේ තරම දැනගත් පසු 2026 ජනවාරි මාසයේදී නව අය වැයක් ඉදිරිපත් කිරීමට හැකියි.

ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු සඳහා විදේශ රටවල ආධාර මධ්‍ය කාලීන හා කෙටි කාලීන ලෙස නොලැබිය හැකියි. එක්සත් රාජධානියේ ආර්ථිකය සහ යුරෝපා සංගම් ආර්ථිකය අර්බුදයක පවතිනවා. අමතර මුදලක් යුක්රේන යුද්ධය සඳහා යොදවනවා. එක්සත් ජනපදය ආධාර දීම ප්‍රතික්ෂේප කරලා. ඇමරිකා එක්සත් ජනපදය යළි ගොඩනැංවීමේ කටයුතු සඳහා ආධාර නොකරන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ කාළගුණික රටාවෙන් පීඩාවට පත් වූ රටවල් 4 ක් මේ කලාපයේ තිබෙනවා. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ ශ්‍රී ලංකාවයි. හානි අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහනදායී අනුපාත යටතේ දිගුකාලීන ණය වෙනුවෙන් ADB, AIIB, JBIC සහ KOICA සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතුයි. දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියාවේ සහාය ලබා ගත හැකියි.

නායයෑම් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය නැවත සක්‍රිය කළ යුතු වනවා.


මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුව නොසැලකිල්ල ව්‍යවස්ථාමය වධහිංසා සහ මහජන විශ්වාසය කඩ කිරීමක් ද මේ අවස්ථාවේ හඳුනාගැනීමට පුළුවනි. ආර්ථිකයට සිදුවන පාඩුව සහ ප්‍රතිසංස්කරණ පිරිවැය මධ්‍ය කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් ඉක්මවන බව පුරෝකතනය කෙරෙනවා.  තවද IMF ගිවිසුමත් සමග ප්‍රාථමික ශේෂය 2.3% සිට 2% දක්වා අඩු වීමට ද නියමිතයි.  


සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අපට ප්‍රමාණවත් තරම් සම්පත් නැහැ. ඒ සඳහා වසරකට අවම වශයෙන් 7% ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් පවත්වාගෙන යා යුතුයි.

සමාජ පද්ධතියේ සහ සමාජයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මඟ පෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයින් සහ විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින්ගේ රැස්වීමක් කැඳවීම කළ යුතුයි.

පළමු රැස්වීමේ මුලසුන හොබවිය යුත්තේ මහානායක හිමිවරුන් සිව් නමයි. ප්‍රධාන ආගමික නායකයින් ලෙස අගරදගුරුවරුන්, කාදිනල්තුමාට ආරාධනා කළ හැකියි. කරු ජයසූරිය මහතා සභාවේ කැඳවුම්කරුවන්ගෙන් කෙනෙකු ලෙස කටයුතු කිරීම සුදුසුයි. අනෙක් කැඳවුම්කරු රජය විසින් පත් කළ හැකියි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 10 වගන්ති පිළිගැනීම සහ තහවුරු කළ යුතුයි. මහානායක හිමිවරුන්ට පිළිගත හැකි පුද්ගලයින් බුද්ධශාසන අමාත්‍යවරයා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස ඊට පත් කිරීමට පුළුවනි.


විහාරස්ථාන සහ දේවාලවල කටයුතුවලට ඇඟිලි නොගැසිය යුතුයි.

දළදා මාලිගාවේ සහ අනෙකුත් ප්‍රධාන විහාරස්ථානවල රාජ්‍ය උත්සවවලදී සුදු ඇඳුම් ඇඳීම සුදුසුයි.

ප්‍රමුඛ හින්දු ප්‍රභූවරුන් සමඟ සාකච්ඡා කර, හින්දු කටයුතු අමාත්‍යවරයෙකු, අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු සහ හින්දු කටයුතු අධ්‍යක්ෂවරයෙකු පත් කළ හැකියි.

අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. මේ ව්‍යසනය සිදුවීමට එය ප්‍රධාන හේතුවයි. "

t5y745654

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...