පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත කීය.
ජල ගැල්මෙන් පීඩාවට පත් අකුරණ නගරය පිරිසිදු කිරිම නිරීක්ෂණය කිරීම සඳහා අද 03 වනදා පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මෙසේද කීය.
''ආපදා තත්වය නිසා සමහර පළාත්වල එළවළු මිළ වැඩි වෙලා තිබුණත් තවත් සමහර පළාත්වල මිළ ගණන් අඩු වෙලත් තියෙනවා.වගා හානි වූ අය සම්බන්ධයෙන් රජය ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩසටහනක් යනවා.
පසුගිය කාලයේ බිය ලූණු ගලවන කාලයට බියලූණු ගෙන්වනවා කියලා කතාවක් යනවා. නමුත් බී ලූණු හැමදාම ගේනවා. ගලවන කාලෙට ගේන එක අඩු කරනවා.බදු පනවනවා.අල ගැනත් ඔහොම කිව්වා.ගලවන කාලෙට පිටින් ගේනවා කියලා. හැමදාම පිටින් තමයි ගෙන්නේ. අපේ අල සහ බියලුණු නිෂ්පාදනය ප්‍රමාණවත් නෑ.හැම මාසෙකම මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් ගේනවා.අවශ්‍ය කරන්නේ ගලවන කාලෙට ගෙන්වන එක නවත්වන එක.නමුත් මාධ්‍ය හා අනෙක් අය කියන්නේ ගලවන කාලෙට ගේනවා කියලා.හරියට අනෙක් කාලවල ගෙනාවේ නෑ වගේ.අනෙක් කාලවල ගෙනාපුව තමයි කන්න දෙන්නේ. අපි සෑහෙන ප්‍රමාණයක් පිටින් ගෙනල්ලා තමයි කන්නේ. අපි වවලයි අපි කන්නේ කියන අයට කියන්න තියෙන්නේ පරිප්පුත් කන්න එපා පාන් පිටිත් කන්න එපා කියලයි.
අපේ ගොවින් වගා කරන කිසිදු එළවළු වර්ගයක් පිටරටින් ගේන්නේ නෑ.එළවළු පිටරටින් ගෙන්වන බවට කතාවක් පැතිර යනවනම් ඒක අසත්‍ය කතාවක්. සංචාරක කර්මාන්තයට අදාළ හෝටල්වලට පිටරටින් යම් ප්‍රමාණයක් හැමදාම ගේනවා. ඒක හැමදාමත් ගෙනාවා.ඒක අලුත් දෙයක් නෙවෙයි. අපේ ගොවින්ට හානියක් වන කිසිදු පියවරක් ගන්නේ නෑ. යම් ප්‍රකාශයක් යනව නම් ඒවා අසත්‍යයි
(ada | මොහොමඩ් ආශික්)




