The Leader News
BREAKING
Top Ad
පුවත්

නව අයවැයක් කඩිනමින් ගෙන එන්න - විපක්ෂ නායක

T

The Leader Desk

December 4, 2025 • 4:41 AM

නව අයවැයක් කඩිනමින් ගෙන එන්න - විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විපත පිළිබඳව අදහස් දක්වමිනි.
  • ආණ්ඩුවට බැරි දේ අපි කරන්නම් ''මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අයවැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සලසන, ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන අයවැයක් සකස් කිරීම යි.
  • එෆ් ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු යි.
  • හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්දනය කරන්න නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විපත පිළිබඳව අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආණ්ඩුවට බැරි දේ අපි කරන්නම්

''මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අයවැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සලසන, ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන අයවැයක් සකස් කිරීම යි. තවදුරටත් විහිළු නොකර, දින කිහිපයක් ගෙන මේ  මහා විපතින් හානි වූ ජනතාවට සහන සලසන අයවැයක් කඩිනමින් සකස් කරන්න. එසේම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා විපතට පත් ජනතාවට සහන සැලසිය යුතු යි. රජයට එය කළ නොහැකි නම් විපක්ෂය රජය වෙනුවෙන් එය කැදවීමට කටයුතු කර රටට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නම්.

ඊට අමතරව නව අයි. එම්. එෆ් ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු යි. ජනතා පීඩක ජන හිංසන අයි. එම්. එෆ් කොන්දේසි සමග ඉදිරියට යා නොහැකි නිසා කඩිනමින් අයි. එම්. එෆ් එක සමග සාකච්ඡා කළ යුතු යි. රජයට නොහැකි නම් විපක්ෂය ද ඒ සදහා සහාය දෙන්නම්.

හදිසි නීතිය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළන්න ද...?

මිනිසා ජීවත් කරවන්න, මිනිසා රැකගන්න, රට සංවර්ධනය කරන්න, ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න, නැති වූ ගොවිබිම් ටික සුරකින්න නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. නිර්දේශපානීකරණයට ලක් වූ ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සදහා විපක්ෂය ද සහාය ලබා දෙනවා. ඒ වගේ ම හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හකුළන වැඩපිළිවෙළකට නම් ඉඩ දිය නොහැකි යි. හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්දනය කරන්න නෙවෙයි. නීතිය හා සාමය ක්ෂේත්‍රය  භාර ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරනවා. මේ හදිසි නීතිය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළන්න නෙවෙයි; ජනතාවට සහන සලසන්න. අද වන විට මේ හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වනවා. මේ මර්දන රජය නැවැත්විය යුතු යි.

හත් වසරක් තුළ සිව්වන ඛේදවාචකය

පාස්කු ප්‍රහාරය, කොවිඩ්, රට බංකොලොත් වීම, දිට්වා සුළි කුණාටුවත් එක්ක වසර 7ක් තුළ 4 වැනි ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකි යි. ‌මේ නිසා පවුල් 437,507ක් සහ පුද්ගලයින් 1558919ක් විපතට පත්ව ඇති බවත් මරණ 465ක් සිදුව 366ක් අතුරුදන් වූ පූර්ණ හානි නිවෙස් 783ක් මෙන්ම අර්ධ හානි නිවෙස් 31417ක් තිබෙනවා. මීට අමතරව කදවුරු 1433ක පවුල් 61875ක පුද්ගලයන් 232752ක් මේ මොහොතේ විපතට පත්ව සිටිනවා. මේ ආපදාවට පත්වූ සියලු දෙනාට: ජීවිත දේපළ අහිමිව, ජීවනෝපය අහිමිව, අවතැන් වූ අනාථ වූ සියලු දෙනාට අපේ ශෝකය පුදකරනවා. මොවුන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක්

මේ විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක්. මනුෂ්‍යත්වයේ නාමයෙන් එය සිදු කළ යුතු යි. ආපදාවට පත් ජනතාව මුදවා ගන්න කටයුතු කළ ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය විශේෂ කාර්ය බලකාය ඇතුළු රණවිරු සියලු දෙනාම වෙනුවෙන් සිය ප්‍රණාමය උත්තමාචාරය පුදකරනවා. බවත් තවදුරටත් රටේ සොල්දාදුවෝ කියා කිසිවකු නැහැ; ඉන්නේ රණවිරුවන් පමණයි. මේ ආපදා නිසා අභාවයට පත්වූ නාවුක හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීවරුන් මෙන්ම කොටහේන පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු ජනතාව මුදවා ගැනීමට උර දුන් සියලුම දෙනා ගෞරවයෙන් මතක් කරනවා. මේ විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක්. මනුෂ්‍යත්වයේ නාමයෙන් එය සිදු කළ යුතු යි. 

 
ආපදාවට පත් ජනතාව මුදවා ගන්න කටයුතු කළ ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය විශේෂ කාර්ය බලකාය ඇතුළු රණවිරු සියලු දෙනාම වෙනුවෙන් අපේ ප්‍රණාමය උත්තමාචාරය පුදකරනවා. අභියෝග අපහසුතා ගැටලු ප්‍රශ්න මැද රාජ්‍ය සේවකයන් විශිෂ්ට කාර්යක් ඉටු කළා. ගම්මට්ටමේ, බිම් මට්ටමේ සිට කටයුතු කළ සමස්ත රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාට ම අපේ ස්තූතිය ගෞරවය පුදකරනවා. අදටත් නිදි මරා කැපකිරීම් කරන පරිත්‍යාගශීලීව කටයුතු කරන සහන සලසන රට දැය වෙනුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කරන සේවාව අගය කරනවා.

යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කරන්න

රටක් ලෙස අභියෝග රැසකට මුහුණ දෙන මොහොතේ විපක්ෂයක් ලෙස වගකීම ඉටු කරනවා. ජාති ආගම් පන්ති පක්ෂ භේදයෙන් තොරව දේශපාලනය පසෙකලා රටේ ජනතාව අපේක්ෂා කර විශිෂ්ට සේවාව ඉටු කරනවා. මේ මොහොත වන විට ජපන්, කොරියා, යුරෝපා සංගමය, ඉන්දියාව, ඉතාලි හා ජර්මානු තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් මෙන් ම ලෝක බැංකු ප්‍රධානීන් හමුවී අප රටට ලබා දිය හැකි සියලුම සහන ආධාර උපරිමයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. 
 
විපතට පත් සියලු දෙනාට ආධාර නිර්ව්‍යාජ පාරිදෘශ්‍ය ක්‍රමයෙන් යුතුව විවෘත සාධාරණ කාර්යක්ෂම වැඩපිළිවෙලක් හරහා ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මේ මොහොත වන විට රටට ප්‍රතිචාර දැක්වීම, සහන දීම, පුනරුත්ථාපනය, අහිමි වූ දේ ලබා ගැනීම, නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට විපතට පත් පවුල්වලට ජනතාවට උපරිම සහන දිය යුතු යි. ජීවිත අහිමි වූ ජීවිකාව විනාශ වූ අවතැන් වූ ජනතාවට මුදල් වෙන් කරන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය යි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, ධීවර කෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ඇති නිසා මේවා විසඳා සංචාරක කර්මාන්තය දිරිගැන්විය යුතු යි. මේ වන විට විපතට පත් ප්‍රමාණය වැඩි වෙමින් සිටින නිසා යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර රාජ්‍ය නිලධාරීන්ට ජනතාවට උදව් කරන්න අවශ්‍ය නීතිමය පද්ධතිය සකස් කරන්න.

කළුකඩ මාෆියාවට තිත තියන්න

මේ වන විට ලක්ෂ 220ක් පාරිභෝගික ජනතාව ගසා කන කලුකඩ මාෆියා නිර්මාණය වන නිසා මිල පාලනයක් ඇති කරන්න. ගම් නගර පිටින් නැති වූ අවස්ථාවේ ජනතාව ගැන සංවේදී වී වචනවලින් මෙන්ම සහනවලින් ද ශක්තියක් විය යුතු යි. ඔවුන් ගේ ගැටලුවලටලට උත්තර සැපයිය යුතු යි. ප්‍රශ්නවලින් පැන නොයා විපතට පත් ජනතාවට සහන ලබා දෙන්න කැප වන ලෙස ඉල්ලා සිටිනවා. නින්දිත පහත් දේශපාලනයෙන් බැහැරව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත් ජනතාවට ශක්තියක් දිය යුතුයි. මේ ආපදාව හරහා දේශපාලනය නොකළ යුතු යි.
 
 ජීවිත දේපළ හානි වූ ජනතාව මුල් කර ගෙන දේශපාලනික වශයෙන් ජනප්‍රියවන ක්‍රියාදාමවලට මුල් නොවිය යුතු යි. මේ හානිය අවම කර ගන්න නොහැකි වූ හේතු ගැන සොයා බැලිය යුතු යි. ආපදාව කළමනාකරණය කරනවා වෙනුවට ආපදාව ප්‍රවර්ධනය වීමට වැරදුනු තැන් සොයා බැලිය යුතු යි. වටිනා ජන ජීවිත නැති වන තැනට නැවත වරක් රට මෙහෙය විය යුතු යි. නින්දිත පහත් දේශපාලනයෙන් බැහැරව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ විපතට පත් ජනතාවට ශක්තියක් දිය යුතු යි.

හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය නොකළේ ඇයි...?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි භයානක තත්ත්වයක් ඇති වනවා කියා කියද්දි ඒ ගැන සොයා නොබැලීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යි. මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ වැරදි හදා අඩුපාඩු සකස් කර ගැනීම යි. රට ගොඩනැගීමට ලබා දිය යුතු උපරිම ශක්තිය ලබා දිය යුතු යි. ඒ වෙනුවෙන් විපක්ෂය යුතුකම් ඉටු කරනවා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි කියන විට එය ජනතාවට සන්නිවෙදනය නොවූ හේතුව සොයා බැලිය යුතු යි. ආපදා කළමනාකරණ පනතේ ඇති අඩුපාඩුකම් නිසි ආකාරව නිවැරදි නොවීමට හේතු සොයා බැලිය යුතු යි. ආපදා තත්ත්වයේ බැරෑරැම්කම දැන දැනත් හදිසි ආපදා තත්ත්වයක් නිවේදනය නොකළේ ඇයි ද කියා සොයා බැලිය යුතු යි. ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත නොවීම ගැනත් සොයා බැලිය යුතු යි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...