ඔවුන් මෙම අදහස් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයෙන් ඊයේ (03) සවස කොළඹ මල් පාරේ දේශපාලන පක්ෂ කාර්යාලයේ දී පැවති පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ගේ හමුවේ දී ය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ ඉහත සාකච්ඡාවට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 35කට අධික සංඛ්‍යාවක නායකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් සහභාගී වූ බවයි.
පළමු රැස්වීමේ මුලසුන හෙබවීම සඳහා මහා නායක හිමිවරුන් සිවු නමක්
මෙම සාකච්ඡාවේදී “දිට්වා” සුළි කුණාටුවේ බලපෑමෙන් ජීවිතක්ෂයට පත් සියලු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් ප්‍රකාශ කෙරිණි.
නැවත රට ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී ඊට මග පෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයින් සහ විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින් ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතු බවට ද එහි දී තීරණය කෙරිණි. පළමු රැස්වීමේ මුලසුන හෙබවීම සඳහා මහා නායක හිමිවරුන් සිවු නමට ආරාධනා කිරීමට ද යෝජනා කෙරිනි.
පැලවත්තට පවරාගෙන ඇති බලය නැවත පාර්ලිමේන්තුවට පවරා ගන්න
ඊට අමතරව හින්දු ප්‍රභූවරුන් සමග සාකච්ඡා කර හින්දු කටයුතු අමාත්‍යවරයෙකු, අමාත්‍යංශ ලේකම්වරයෙකු, හින්දු කටයුතු අධ්‍යක්ෂවරයෙකු, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා පත් කළ යුතු බවට එහි දී අදහස් හුවමාරු වුණි.
ඒමෙන් ම මේ වනවිට ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියා කරන බව පෙන්වා දුන් පක්ෂ නායකයෝ පැළවත්තේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් අද රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන බවටද චෝදනා නැගූහ.
පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට පැවරීම සහතික කිරීම සඳහා පක්ෂ නායකයින් කැඳවා තීරණයක් ගත යුතු බවටද එහිදී අදහස් ප්‍රකාශ වූහ.




