ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමින් ඔහු කියා සිටියේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරම්භයක් මිස ගමනාන්තය නොවන බවයි.
'ස්ථාවරත්වය අත්කර ගත්තා, නමුත් එය ප්‍රමාණවත් නැහැ'
පසුගිය වසරේ 5%ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් සහ මෙම වසරේ 2%ක වර්ධනයක් පෙන්නුම් කිරීම, රාජ්‍ය මූල්‍ය ශේෂයන් වැඩිදියුණු වීම සහ සංචිත ඉහළ යාම ගැන සාර්ග්සියාන් ප්‍රශංසා කළේය.
එහෙත් රාජ්‍ය ණය තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කට වඩා වැඩි බවත්, රාජ්‍ය ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ණය පියවීමට වැය වන බවත් ඔහු අනතුරු ඇඟවීය. "වෙළෙඳපොළට ගැඹුරු සහ වේගවත් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි," ඔහු පැවසීය.
ආර්ථිකය 7%කින් වර්ධනය කළ හැකි බවට ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සාර්ග්සියාන් කියා සිටියේ එය "නියත වශයෙන්ම අත්කර ගත හැකි" ඉලක්කයක් බවයි. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකාව "දෙවන පරම්පරාවේ ප්‍රතිසංස්කරණ" (second-generation reforms) ආරම්භ කළ යුතු බව ඔහු අවධාරණය කළේය.




