The Leader News
BREAKING
Top Ad
පුවත්

වැරැද්ද පිළිගෙන, වැරැද්ද හදාගෙන කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කරන්න - මරික්කාර් ආණ්ඩුවට කියයි

T

The Leader Desk

December 4, 2025 • 4:15 PM

වැරැද්ද පිළිගෙන, වැරැද්ද හදාගෙන කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කරන්න - මරික්කාර් ආණ්ඩුවට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැති කළ නොහැකි බවත්, ඇත්ත පිළිගෙන, තමන්ට වැරදුණ බැවින් සියලු දෙනා එකතු වෙලා වැරැද්ද හදාගෙන මෙතනින් එහාට කළ යුතු දේ කුමක් දැයි සාකච්ඡා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.
  • ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජනබලවේගය අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • මම දැක්කා දෙරණ නාලිකාවේ වැඩ සටහනක දී, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා, මේ කාලගුණයේ තියෙන අවදානම පිළිබඳව නොවැම්බර් 12 වෙනිදා කියනවා.
  • ඊට පස්සේ බීබීසී නාලිකාවෙත් 25 වැනිදා මේ පිළිබඳව පළ වුණා 400-500 mm වහිනවා කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

නැති කළ නොහැකි බවත්, ඇත්ත පිළිගෙන, තමන්ට වැරදුණ බැවින් සියලු දෙනා එකතු වෙලා වැරැද්ද හදාගෙන මෙතනින් එහාට කළ යුතු දේ කුමක් දැයි සාකච්ඡා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජනබලවේගය අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...

පොලිස් ආරක්ෂාව සහිත යුටියුබර්ස්ලා

''රට තුළ මතුවෙලා තියෙන මේ ආපදා තත්ත්වය පිළිබඳව කතාබහේ දී විශේෂයෙන් ම දැන් රජයේ මන්ත්‍රීවරුන් මේක වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා. මම දැක්කා දෙරණ නාලිකාවේ වැඩ සටහනක දී, කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා, මේ කාලගුණයේ තියෙන අවදානම පිළිබඳව නොවැම්බර් 12 වෙනිදා කියනවා.   ඊට පස්සේ බීබීසී නාලිකාවෙත් 25 වැනිදා මේ පිළිබඳව පළ වුණා 400-500 mm වහිනවා කියලා. මේ පූර්ව සූදානම ගත්තේ නැති එක ගැන චෝදනා කළහම ඒකට මඩ බළකායේ ඉන්න ඩෝබිලා දාලා ගහලා අවදානම නැති කරන්න බැහැ.  ඇත්ත පිළිගන්න. තමන්ට වැරදුණා, එනිසා මේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි සියලු දෙනා එකතු වෙලා වැරැද්ද හදාගෙන මෙතනින් එහාට කරන්න තියෙන දේ මොකක්ද කියලා ඉවර වෙලා සාකච්ඡා කරන්න. 

දැන් අපිට ආරංචි  විදිහට යටිතල පහසුකම් පමණක් හානි වෙලා තිබෙනවා රුපියල් බිලියන නවසීයක පමණ.  ඒ කියන්නේ ඩොලර් බිලියන තුනක් විතර. මේ හානිපූර්ණ වන්දිවලට අමතරව. රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් දාලා කොහොමද මේ වැඩකටයුතු කරන්නේ කියන එක මම දන්නේ නැහැ.  සමහර විට ඒක ආධාර ලබා දීම පමණක් සඳහා ද  කියලා දන්නේ නෑ. මේ වෙලාවේ අපි හරි අපි නිවැරදියි කියලා ආණ්ඩුව හෝදගෙන, කොහෙවත් ඉන්න යූටියුබ් කාරයෝ දාගෙන, පොලිස් ආරක්ෂාව දීගෙන යූටියුබ් කාරයෝ දාගෙන ගැහුවා කියලා මේක නතර වෙන්නේ නැහැ.

'නිවන් සුව කල්ලියක්' පැලවත්තේ...?

වටගල ඇමති කියනවා, ජනාධිපතිට මඩ ගහන අයව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නවාලු. එතකොට ඒගොල්ලන්ගේ පැලවත්තේ මඩ බළකාය අත්අඩංගුවට ගන්නේ කොහෙන්ද?  ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා හදිසි නීතිය පාවිච්චි කරන්නේ මේ ආපදා තත්ත්වය ගොඩගන්න විතරයි කියලා.  මෙයා ඇවිල්ලා පොලිසියට උපදෙස් දෙනවා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරියවත් තියාගෙන මේක යටතේ අත්අඩංගුවට ගන්න කියලා. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිත් එහෙට මෙහෙට වැනි වැනි ඉන්නවා. මේ මොහොතේ තියෙන්නේ එක එක්කෙනාව අත්අඩංගුවට ගන්න එකවත්, තමන් විසින් ආරක්ෂාව දීලා තියාගෙන ඉන්න මඩ බලකාය හරහා කුණුහරුපයෙන් බන්න වන එකවත්, නිවන් සුව ප්‍රාර්ථනා කරවන එකත් නෙමෙයි. මේ නිවන් සුව කල්ලිය ඉන්නේ පැලවත්තේ ඒගොල්ලන්ව තමයි ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න ඕන. අපි මෙච්චර වැඩ කරනවා ඒත් කරනවා කරනවා. ඒත් මඩ බලකාය දාලා අපිට කොච්චර තිත්ත කුණුහරපයෙන් බනිනවද? අපිට ගානක් නෑ ඕවා. එක youtube කාරයෙක් ඉන්නවා ඌ හිතන් ඉන්නේ ඌ තමයි පොර කියලා.  අපිට උගෙන් වැඩක් නෑ.  ඌ කියන ඒවායින් අපි තවත් පන්නරය ලබනවා.

නායකයා 'හැම දේ ම' දන්නව ද...?

වර්තමාන ආණ්ඩුව තේරුම් ගන්න ඕන මේ රට අයිති ඒගොල්ලන්ට නෙමෙයි. මහින්ද රාජපක්ෂත් ඔහොම හිතලා තමයි කෙළව ගත්තේ. මේ රට අයිති මේ රටේ ජනතාවට.  ඔබලා තාවකාලික  පාලකයෝ පමණයි. ඒ නිසා උද්දච්ච විදිහට හැසිරෙන්නේ නැතුව තමන්ගේ අතින් අඩුපාඩුවක් උනහම පිළිගන්න. විෂය දන්න අය අත්දැකීම් තියෙන අය යමක් කිව්වහම ඒවා හොයලා පිළිගන්න ඕන. නායකත්වය කියලා නායකයා හැමදේම දන්නේ නැහැ. හැබැයි ඒවට අදාළ අය කිව්වහම තීරණය ගන්න එක තමයි නායකයාගේ  වගකීම.

ජාත්‍යන්තර සමුළුවක් කැඳවන්න

කොළඹ ඉන්න ව්‍යාපාරික කල්ලිය දාගෙන rebuild sri lanka කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම entrepreneur (ව්‍යවසායකයා) කෙනෙක්ගෙයි  leader කෙනෙක්ගෙයි වෙනස තේරුම් ගන්න. Entrepreneurs දාලා කමිටු හදපුවහම තේරෙන්නේ තමන්ට මේක කරගන්න බැහැ කියන එක. මෙතනින් එහාට ප්‍රශ්න ගොඩක් තියෙනවා.   යටිතල පහසුකම් ටික වහාම දියුණු කරන්න ඕන.  සෘජුවම ඒක සංචාරක කර්මාන්තයටත්,  ආර්ථික වර්ධන වේගයටත් බලපානවා. ඒක නිසා අපි යෝජනා කරන්නේ පක්ෂ විපක්ෂ සේරම එක්ක සාකච්ඡා කරලා international donors conference එකක් කැඳවන්න. ලංකාවේ මෙහෙම විශාල ව්‍යසන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, මිනිස්සු බර ගාණක් මැරිලා තියෙනවා කියන එක තවමත් නිශ්චය කර ගන්නත් බැහැ. එනිසා ලෝකයා ගේ ආධාර උපකාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් කැඳවලා ඒ සහයෝගයෙන් රට ගොඩනැංවීම තමයි අංක එක.

දෙවෙනි එක තමයි මේ අවතැන් වෙලා ඉන්න ජනතාවට කල් මර මර චක්‍රලේඛ දදා මුදල් වෙන්කරා කියලා කිය කිය sms දදා ඉදලා හරියන්නෑ. ආපදාවේ දී කොහොමද කිව්වේ. කඳවුරුවල ඉන්න අයට උයලා දෙන්න පුළුවන්. ගේන බඩුත් කඳවුරුවලට දෙන්න.එතකොට හිර වෙලා ඉන්න ජනතාවට...?

photo shoot වැඩ නවත්වන්න

අපි කඩාකප්පල් වැඩ කරන්නේ නැහැ. ගිය අඟහරුවාදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ තිබ්බ ආපදා රැස්වීමේ දී අපි මේ ඔක්කොම කිව්වා. නෑසූ කන්ව හිටියා. එදා උදේ අපි කිව්වා ආපදා කළමනාකරණ කමිටුව රැස් කරන්න කියලා. එවෙල කිව්වා දැම්ම ඕනේ නෑ කියලා. හැබැයි හැන්දෑවේ 6.30 ට කෝල් කරලා කියනවා හතට ආපදා කමිටුව තියෙනවා එන්න කියලා. එදා කිව්වා මේ හිරවෙලා ඉන්න ජනතාවට මෙහෙමයි වෙන්න යන්නෙ කියලා. චක්‍රලේඛය වෙනස් කරනවා කිව්වා,  වෙනස් වුණේ නැහැ. ඊළඟට එදා අපි කැලණි ගඟ සම්බන්ධව කිව්වා; කැළණි  ගඟ උතුරන්න නියමිතයි. ඒ නිසා  වැහි වතුරෙන් යට වෙලා තියෙන ටික moving pump දාලා ගගට යවන්න කියලා. මං දන්නෑ මොනවද කළේ කියලා. 2015-2019 කාලෙ මගේ මැදිහත්වීමෙන් අපි හදපු ගොතටුවේ බන්ට් එක, කොලොන්නාවේ වතුර පිරුණහම  පාලනයක් ඇතුව වතුර මුහුදට යවන්න පුළුවන්. ඔබේ සේකරපුර එකක් තියෙනවා, රාජගිරිය  lakedrive එකේ එකක් තියෙනවා, සඳුදා අපි SLRDC එකට ඉල්ලීමක් කරලා ඒක ඇරෙව්වායින් පස්සේ, ඒක වැස්සෙව්වා . පස්සේ ඊයේ උදේ තමයි ආයෙ ඇරියේ.  මේවා එකතුවෙලා කරන්න ඕන වැඩ. තනියම කරන photo shoot වැඩ නෙමෙයි.

ඒ නිසා අපි කියනවා වටගල මහත්තයෝ ඔය චෝදනාව ඉල්ලා අස්කර ගන්න. ඒ වගේම පැලවත්තේ මඩ බලකායට කියනවා තිත්ත කුණුහරුපයෙන් බැනලා ඕගොල්ලෝ අපිට වොයිස් මැසේජ් එව්වත් අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක සහ  සාධනීය විපක්ෂයක් ලෙස productive criticism ,  ආණ්ඩුව නෑසූ කනින් ඉන්න දේවල් විවේචනය කරන එක විවේචනය කරන්න අපි පහු බහින්නේ නැහැ, ඒක කරනවාමයි කියන එක පැහැදිලිව කියන්න ඕන.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...