එම මස් මිනිස් පරිභෝජනය සඳහා වෙලඳපොලට පැමිණීම වැලැක්වීමට මන්නාරම දිස්ත්‍රික්කය තුළ අද සිට සතියක කාලයක් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම, සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස පවසයි.
ගං වතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම, ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බව ඔහු පවසා සිටියේය.
එබඳු අවස්ථා ගැන යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශයභාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසත් එසේ නොහැකිවන අවස්ථාවල දී දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය වන 1926 ට දැනුවත් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.




