The Leader News
BREAKING
Top Ad
පුවත්

කඳුකරයේ පොළොව ඉරි තලලා: ඇතැම් තැන්වල ගිලා බැසීම් - රතු නිවේදන ක්‍රියාත්මකයි

T

The Leader Desk

December 5, 2025 • 5:01 AM

කඳුකරයේ පොළොව ඉරි තලලා: ඇතැම් තැන්වල ගිලා බැසීම් - රතු නිවේදන ක්‍රියාත්මකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයහපත් කාලගුණය පහව ගිය ද මධ්‍යම කඳුකරය ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් තවමත් පොළවෙහි ඉරි තැලීම් සහ ගිලා බැසීම් වාර්තා වේ.
  • එවැනි පසුබිමක කොත්මලේ නයාපාන කන්ද ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පොළොවෙහි ඉරිතැලීම් වාර්තා වී තිබේ.
  • ඇතැම් නිවාස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති බව ද වාර්තාවේ.
  • මේ හේතුවෙන් පවුල් 30ක පුද්ගලයින් 150කට අධික පිරිසක් නයාපාන ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අයහපත් කාලගුණය පහව ගිය ද මධ්‍යම කඳුකරය ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් තවමත් පොළවෙහි ඉරි තැලීම් සහ ගිලා බැසීම් වාර්තා වේ.

පසුගිය දා සිදුවූ නායයෑම්වලින් වැඩිම බලපෑමක් එල්ල වූයේ මධ්‍යම කඳුකරයටයි.

එවැනි පසුබිමක කොත්මලේ නයාපාන කන්ද ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පොළොවෙහි ඉරිතැලීම් වාර්තා වී තිබේ.

ඇතැම් නිවාස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති බව ද වාර්තාවේ.

කොත්මලේ නයාපාන ගම්මානයට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයකින් ඉරි තලා තිබුණේ අඩි එකහාමාරක් පමණ ගිලා බසිමිනි.

මේ හේතුවෙන් පවුල් 30ක පුද්ගලයින් 150කට අධික පිරිසක් නයාපාන ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.

ඒ හේතුවෙන්, ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවටයි.

මේ අතර, ගම්පොල - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුනුකෙවුල ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ද පොලවෙහි ඉරිතැලීම් වාර්තා වන බව ප්‍රදේශවාසීන් පවසති.

එමෙන්ම, ගම්පොල - පුපුරැස්ස ප්‍රධාන මාර්ගයේ රජතලාව ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල පොලවෙහි යළි ඉරිතැලීම් වාර්තා වී ඇත්තේ ද එම ප්‍රදේශයේ පසුගිය 28 වැනිදා සිදුවූ විශාල නායයෑමත් සමගයි.

මෙවැනි තත්ත්වයන් වාර්තා වන්නේ නම් සිදුකළ යුත්තේ කඩිනමින් එම ස්ථානවලින් ඉවත් වීම බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස කියා සිටියේය.

මේ අතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල තවදුරටත් නායයෑම් රතු නිවේදන ක්‍රියාත්මකයි.

red alert

red alert 2

red alert 3

red alert 4

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කඳුකරයේ පොළොව ඉරි තලලා: ඇතැම් තැන්වල ගිලා බැසීම් - රතු නිවේදන ක්‍රියාත්මකයි | The Leader