The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙය: ජාතික සැලැස්මක්, ජාතික ප්‍රතිපත්තියක් සමග යා යුතු ගමනක් - සූරිය මල් ව්‍යාපාරය

T

The Leader Desk

December 5, 2025 • 4:39 AM

මෙය: ජාතික සැලැස්මක්, ජාතික ප්‍රතිපත්තියක් සමග යා යුතු ගමනක් - සූරිය මල් ව්‍යාපාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රවීන්ද්‍ර ප්‍රදීප් මෙම කරුණු අනාවරණය කළේ සූරිය මල් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ අරමුණින් ඊයේ (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවේ ය.
  • වික්‍රමසිංහ යනාදි ප්‍රගතිශීලි නායකයින් විසින් ආරම්භ කරන ලද මෙම සූරිය මල් ව්‍යාපාරය, රට මුහුණ දී තිබෙන මෙම ජාතික ආපදා තත්ත්වය හමුවේ යළි ගොඩනැඟීමේ කාර්යභාරයට නිර්දේශපාලනික නායකත්වයක් සැපයීමේ අරමුණ ඇතිව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව ද ඔහු මෙහි දී පැවසී ය.
  • එහි මුල් නායකත්වය දැරූ පිරිස විසින් සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ එවකට රටේ පැවැති අර්බුදකාරී තත්ත්වයත් සමග ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජාතික ව්‍යාපාරයක් ලෙස යි.
  • පෙරේරා ඇතුළු කණ්ඩායම එදා එවැනිම ආපදා වූ අවස්ථාවල විශේෂයෙන්ම මැලේරියා වසංගතයෙන් දහස් ගණනක් මිනිස්සු මිය ගිය අවස්ථවේ කටයුතු කළ ආකාරය ම යි.
අකුරු ප්‍රමාණය (Font Size):


රවීන්ද්‍ර ප්‍රදීප් මෙම කරුණු අනාවරණය කළේ සූරිය මල් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ අරමුණින් ඊයේ (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවූ අවස්ථාවේ ය.

මීට වසර අනූ දෙකකට පමණ පෙරදී, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ යනාදි ප්‍රගතිශීලි නායකයින් විසින් ආරම්භ කරන ලද මෙම සූරිය මල් ව්‍යාපාරය, රට මුහුණ දී තිබෙන මෙම ජාතික ආපදා තත්ත්වය හමුවේ යළි ගොඩනැඟීමේ කාර්යභාරයට නිර්දේශපාලනික නායකත්වයක් සැපයීමේ අරමුණ ඇතිව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව ද ඔහු මෙහි දී පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සූරිය මල් ව්‍යාපාරයේ ලේකම් රවීන්ද්‍ර ප්‍රදීප්...

සූරිය මල් ව්‍යාපාරයේ ආරම්භය

“වසර අනූ දෙකකට කලින් ආරම්භ කරල තිබුණු සූරිය මල් ව්‍යාපාරය අපි නැවත ආරම්භ කරන්න කල්පනා කළේ මේ වන විට දැවැන්ත වශයෙන් රට ව්‍යසනයකට මුහුණ පා සිටින අවස්ථාවක ඊට මුහුණ දීම සඳහායි. එහි මුල් නායකත්වය දැරූ පිරිස විසින් සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ එවකට රටේ පැවැති අර්බුදකාරී තත්ත්වයත් සමග ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජාතික ව්‍යාපාරයක් ලෙස යි. ඒ ව්‍යාපාරය නැවත බලගැන්වීමට අපි කල්පනා කළෙත් ඒ නිස යි.

ව්‍යසනයෙන් යළි නැගිටින්නේ කෙසේ ද...?

දශක තුනකට අධික කාලයක් පුරා පැවැති යුද්ධයත්, සුනාමි ව්‍යසනයත්, කොරෝනා වසංගතයත්, පාස්කු ප්‍රහාරයත් වගේ කාලෙන් කාලෙට විවිධ ආපදා ගණනාවකින් පසුව වගේම දැවැන්ත ආර්ථික අභියෝගයකින් පසුව, අනපේක්ෂිත මොහොතක නැවත වතාවක් අපිට මේ වගේ දැවැන්ත ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ ආපදාව හේතු කරගෙන අවුරුදු ගණනාවක් පුරා දැවැන්ත වෙහෙසක් අරගෙන මිනිස්සු හරිහම්බ කර ගත් සියල්ලමත්, දහස් ගණනින් මිනිසුනුත්, මහපොළවට සමතලා වුණු මේ මොහොතේ අපි කල්පනා කළ යුත්තේ මේ ව්‍යසනයෙන් අපි නැවත නැගිටින්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි. අද මේ ව්‍යසනය අවස්ථාවේ ආපදාවට පත්වූවන් වෙනුවෙන්  මිනිස්සු හාල් ටික පරිප්පු ටික අරගෙන යද්දි අපිට සිහි ගැන්වෙන්නේ, එදා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු කණ්ඩායම එදා එවැනිම ආපදා වූ අවස්ථාවල විශේෂයෙන්ම මැලේරියා වසංගතයෙන් දහස් ගණනක් මිනිස්සු මිය ගිය අවස්ථවේ කටයුතු කළ ආකාරය ම යි.

අපිට නැවත වතාවක් ආපාදා ඇති නොවේ යැයි සිතන්න බැහැ. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කළත්, අපිට එහෙම ඇති නොවෙයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒ නිසා අපි නැවත එවැනි ආපදාවක් ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක ගැන දැන්ම අපිට සැලසුමක් තිබිය යුතුයි. ඒ වගේම මේ වගේ ආපදාවක් වුණාම සිද්ධ වෙන ආර්ථික හානිය ඉතාම ඉහළ යි. සෑම ක්ෂේත්‍රයක් ම කඩා වැටෙන්නට ඇති ඉඩ වැඩියි. රජය, විපක්ෂය, විවිධ සිවිල් සංවිධාන මේ ආපදාවට විවිධ අර්ථකථන දෙමින් ඉන්න බවක් අපිට පේනවා. නමුත් මේ රටේ  ඒ කිසිදු වගකිව යුතු කණ්ඩායමක් මේ ව්‍යසනයෙන් පස්සේ ජාතියක් වශයෙන් යළි නැගිටින්නේ කොහොමද කියන කාරණයට පැහැදිලි උත්තරයක් දීපු බවක් පේන්න නැහැ. මේ තත්ත්වය සමනය කරගනිමින් ඉදිරියට යන්නේ කොහොමද කියලා කියන බවක් පේන්නෙත් නැහැ.

මේ ව්‍යසනයෙ දී මහා සංඝරත්නය නිහඩ ඇයි...?

ඒ වගේ ම අපි තවමත් මේ රට ගොඩනඟන්න කණ්ඩායම් වශයෙන් උත්සාහ කළත්, එකට එකතු වෙලා මේ සඳහා විසඳුම් හොයන්න කිසිවෙක් පෙළඹෙන බවක් පෙනෙන්නට නැහැ. මේ ව්‍යසනයත් එක්ක දීර්ග කාලයක් පසමිතුරන් වුණු ඉන්දියාව, පාකිස්ථානය පවා එකට එකතු වෙලා අපිට නැගිටින්න සහෝදරත්වයේ දෑත් දිගු කරද්දි, අපේ පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් එකට එකතු වීමක් දකින්න නොලැබුණු එක ඇත්තටම කණගාටුවට කරුණක්. ඒ වගෙම අපි දකිනවා ඕනෑම ව්‍යසනයක දි පෙරට එන මහා සංඝරත්නය මේ ව්‍යසනයෙදි බරපතළ ආකාරයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ නිසයි අපි මේ වෙලාවේ අපේ සූරියමල් ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට තීරණය කළේ. එය නැවත ඉතිහාසය අලුත් කිරීමට ගත්ත උත්සාහයක් විදිහටත් අපිට හිතන්න පුළුවන්. මේක කවුරුත් දේශපාලනික කෝණයකින් බලන්න එපා. මේ තනිකරම නිර්දේශපාලනික ස්වාධීන ව්‍යාපාරයක්. මමත්වයකින් යුතු ඇසකින් මේ දිහා බලන්නත් එපා. අපේ තේමාව වෙන්නේම “මම නෙමෙයි අපි” කියන සංකල්පයයි. තනි තනිව උත්සාහ කරනවාට වඩා අපි සියලු භේද නොසළකමින් මේ වෙනුවෙන් නැගී සිටිනවා නම් ඉතාම කෙටි කලකින් නැවතත් රටක් ලෙස ගොඩ නැ‍නේනට අපිට හැකියාව ලැබෙනවා. එ් නිසා මං මේ රටේ සෑම පුරවැසියෙකුටම ආරාධනා කරන්නේ මේ වෙනුවෙන් සූරියමල් ව්‍යාපාරය සමඟ එකතු වෙන්න කියලයි. අපි මේ අවස්ථාවේදී පක්ෂ පාට සියල්ල එක මොහොතකට පැත්තකින් තියමු.

සූරියමල් ව්‍යාපාරය යළි පණ ගන්වන්නේ ඇයි...?

රජයට තනිවම මේ රට යළි ගොඩනගන්න බැහැ. ඒ නිසා අපි රජයටත් ආරාධනා කරන්නේ, මේ රටේ සිවිල් සංවිධාන ඒ සඳහා සම්බන්ධ කර ගන්නා ලෙසයි. ඒ වගේම ව්‍යසනය ගැන සත්‍ය තොරතුරු, විනාශයේ ඇත්ත තත්ත්වය නොසඟවා ඉදිරිපත් කරන ලෙසත් අපි රජයෙන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිනවා. සූරියමල් ව්‍යාපාරය නැවත පණ ගැන්වීම තුළින් අපි උත්සාහ කරන්නේ, ඒ හරහා මේ රට එක මිටකට එකතු කරගනිමින් ව්‍යසනයෙන් යළි ඉක්මනින් නැගී සිටිමටයි. දවසකින් දෙකකින් මේ ගැටලුව විසඳන්න බැහැ. අපේ මහා ධාන්‍යාගාරයටයි මේ පහර වැදුණේ. අපේ කර්මාන්තවලටයි මේ  පහර එල්ල වුණේ. අද වෙනකොට අපේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත බොහොමයක් එහෙම් ම කඩාගෙන වැටිලා. හෙට දවසේ ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි අපිට තවම සිතා ගන්නටවත් බැහැ. ඒ නිසා සමාජයීය වශයෙන්, සංස්කෘතික වශයෙන්, මානසික වශයෙන්, මිනිස්සු වැටිලා සිටින ආගාධයෙන් ගොඩ නැගීම සඳහා අපිට එක දවසකින් දෙකකින් කිසිවක් කළ නොහැකියි. මෙය ජාතික සැලැස්මක් සමග යා යුතු ගමනක්.”

'මම වෙනුවෙන් වෙනුවට අපි වෙනුවෙන්' එකතු වෙමු - කමිටු සාමාජික රොහාන් කෝදාගොඩ

“අපි විශාල වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ එක්දහස් නවසිය හැත්තෑ දෙකේ දි. එහි දී වගේම  ඊට පසුකාලිනව ආව හැමදේකදිම අපි රටක් වශයෙන් නැගී සිටියා. නමුත් අපි මේ ව්‍යසනයෙදිත් කැඩුණු ගේ හදාගෙන, කැඩුණු පාර හදාගෙන නවතිනවා ද, නැතිනම් නැවත මෙවැනි ආපදාවක දි යළි මේ අකාරයේම ව්‍යසනයකට මුහුණ දෙන්නේ නැති වෙන්න ශක්තිමත් වෙනවා ද කියලා අපි කල්පනා කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට කවදාවවත් ඉදිරි ගමනක් නැහැ. අපි හැමදාම තනි තනිව උත්සාහ කළා මිසක් එකට එකතු වුණේ නැහැ. ඒ නිසා මේ සූරියමල් ව්‍යාපාරය ආරම්භ කරන්නෙත් මම වෙනුවෙන් වෙනුවට අපි වෙනුවෙන් එකතු වීමටයි. අපි ආර්ථිකය ගොඩනගා ගනිමින් රටක් ලෙස මේ ව්‍යසනයෙන් නැගී සිටින්නේ කොහොමද කියන එක ගැන සැලැස්මක් හදලා තියෙන්නේ. ඉදිරියේදී අපි ඒ දේවල් ජනතාවගේ අදහස් දැක්වීම වෙනුවෙන් ඉදිරිපත් කරනවා.  ඒ වගේම මේ රටේ ආර්ථික නගා සිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමග සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ වැඩ පිළිවෙළ කෙටිකාලින, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීමට ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”

භෞතික දේවල් වගේ ම මානසික මට්ටමත් නගා සිටුවිය යුතුයි - කමිටු සාමාජික සමදරා ජයසිංහ

“කාන්තාවක් විදිහට මවක් විදිහට සියලු කාන්තාවන්ට වගකීමක් තියෙනවා මේ මොහොතේ මේ ව්‍යසනයෙන් විපතට පත් කාන්තාවන් සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට. මේ ව්‍යසනයත් එක්ක වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කාන්තාව. විශේෂයෙන් ම මානසිකව බිඳ වැටීම වඩාත් ප්‍රබලයි. ඒ වගේමයි දරුවනුත්. අපි හැමෝම යම් යම් ආකාරයට මේ ආපදාවට ලක් වුවත්, අපි බොහෝ දෙනෙකුට අපේ ගෙදර සුද්ධ පවිත්‍ර කරගෙන නැවත ගෙදරට යන්න පුළුවන් වුණත්, බොහෝ දෙනෙකුට තමන්ගේ සියලු දේවල් නැහැ. ඒ වගේම දහසක් දෙමව්පියන්ට දරුවො නැති වෙලා ඇති. දරුවන්ට දෙමාපියන් නැති වෙලා. ඒ නිසා අපි ඔවුන්ගේ භෞතික දේවල් වගේ ම මානසික මට්ටමත් නගා සිටුවීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ වෙලාවේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සනිපාරක්ෂාව පිළිබද ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ සියල්ල වෙනුවෙන් අපි මේ දිනවල කටයුතු කරගෙන යනවා. ඒ සදහා ඔබ සියලු දෙනාටත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.”

සන්නිවේදන ජාලය කඩිනමින් සකසමු - කමිටු සාමාජික පේශල සේරසිංහ

“මේ ව්‍යසනයෙන් ඊළගට සිදුවුණු විශාලතම හානිය තමයි අපේ සන්නිවේදන ජාලය මුළුමනින් ම බිදවැටීම. ඒත් සමගින් අපිට හානියට පත්වූවන් සම්බන්ධ කර ගැනීම පවා අසීරු කාරණයක් වුණා. ඒ නිසා අපි මේ බිදවැටුණු සන්නිවේදන ජාලය යළි ගොඩනැගීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහින් අදාළ තොරතුරු එක් රැස් කරගෙන සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ගොඩ නගිමින් සිටිනවා. ඒ සඳහා හැකි ඉක්මනින් අපි කටයුතු කරනවා වගේම මේ වෙලාවේ අපි සමග එකතු වෙන්න කියලා රජය ඇතුළු  අපි හැමෝටම ආරාධනා කරනවා. සන්නිවේදන ජාලය සැකසීම තුළින් හරි දේ හරි තැනට යන්න අපි සූරියමල් ව්‍යාපාරය වශයෙන් කටයුතු කරනවා.”

කමිටු සාමාජික වෛද්‍ය චූලා සේනාරත්න ද මෙහිදී අදහස් දැක්වී ය.

(ගයාත්‍රි ගීගනආරච්චි)

suriyamal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙය: ජාතික සැලැස්මක්, ජාතික ප්‍රතිපත්තියක් සමග යා යුතු ගමනක් - සූරිය මල් ව්‍යාපාරය | The Leader