The Leader News
BREAKING
Top Ad
පුවත්

වන්දි කතාව අතේ රෝලක් !- කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් !

T

The Leader Desk

December 12, 2025 • 5:30 AM

වන්දි කතාව අතේ රෝලක් !- කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිචෝදනා ඉල්ලා අස් කරගැනීමේදී, කොමිෂන් සභාව හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් පමණක් රුපියල් බිලියන 1.8ක වන්දි මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටි අතර, මාස තුනක් ඇතුළත එම වන්දි මුදල ගෙවා නොතිබුණහොත් නැවතත් නඩුව ගොනු කරන බව දන්වා සිටියේය.
  • ආයෝජන තීරණය මුදල් පනතෙන් බලය ලත් නිලධාරීන් විසින් සාමූහිකව ගත් එකක් බවත්, රාජ්‍යයට අයුතු පාඩුවක් සිදුකිරීමේ චේතනාවක් හෝ දැනුමක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඔහු පැවසීය.
  • මෙහි වරදක් ඇත්නම්, උපරිම වශයෙන් මෙය විනිශ්චය දෝෂයක් (Error of Judgement) පමණක් බවත්, කිසිසේත්ම මෙය අපරාධයක් නොවන බව ඔහු තර්ක කළේය.
  • යහපත් චේතනාවෙන් (සද්භාවයෙන්) ගන්නා ලද ක්‍රියාමාර්ග සඳහා මුදල් පනත මගින් නීතිමය ආරක්ෂාව ලබාදී ඇති බවත්, එම ආරක්ෂාව ඉවත් කිරීමට වැරදි ලෙස හෝ හිතාමතාම පාඩුවක් කිරීමේ සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නැති බවත් ඔහු තව දුරටත් ඉදිරිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නඩුව කොළඹ අංක 06 මහාධිකරණය හමුවේ කැඳවූ විට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක විසින් නව දූෂණ විරෝධී පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, කොමිෂන් සභාව සියලුම අධිචෝදනා ඉල්ලා අස්කර ගන්නා බවයි.

අධිචෝදනා ඉල්ලා අස් කරගැනීමේදී, කොමිෂන් සභාව හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් පමණක් රුපියල් බිලියන 1.8ක වන්දි මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටි අතර, මාස තුනක් ඇතුළත එම වන්දි මුදල ගෙවා නොතිබුණහොත් නැවතත් නඩුව ගොනු කරන බව දන්වා සිටියේය.

කෙසේ වෙතත්, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම්වලට සවන් දීමෙන් අනතුරුව චෝදනා නිශ්ප්‍රභා කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි.

 

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මෙහිදී පෙන්වා දුන්නේ මෙම දූෂණ චෝදනා නීතිය මත හෝ සාක්ෂි මත පවත්වාගෙන යා නොහැකි බවයි. ආයෝජන තීරණය මුදල් පනතෙන් බලය ලත් නිලධාරීන් විසින් සාමූහිකව ගත් එකක් බවත්, රාජ්‍යයට අයුතු පාඩුවක් සිදුකිරීමේ චේතනාවක් හෝ දැනුමක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඔහු පැවසීය.

 

එවකට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති (දැන් මහ බැංකු අධිපති) වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මුදල් මණ්ඩලයේ සාමූහික ආයෝජන ක්‍රියාවලිය ගැනත්, 2018දී හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම යෙදෙන සංචිත කළමනාකරණ මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවූ බවට ලබාදුන් තහවුරු කිරීමත් ඔහු උපුටා දැක්වීය.

එසේම, 2010 සහ 2011 වර්ෂවලදී මහ බැංකුවේ සංචිත කළමනාකරණයෙන් ලැබුණු ලාභ ඩොලර් මිලියන 341ක් සහ ඩොලර් මිලියන 430ක් වූ බවත්, එම ලාභ ලබාගත් එම නිලධාරීන්ම මෙම විවාදිත ගනුදෙනුවට සම්බන්ධ වූවන් බවත් ප්‍රකාශ කළ රත්නායක එබැවින් පාඩුවක් සිදුකිරීමේ චේතනාවක් තිබූ බවට චෝදනාවට පදනමක් නැති බව පෙන්වා දුන්නේය. මෙහි වරදක් ඇත්නම්, උපරිම වශයෙන් මෙය විනිශ්චය දෝෂයක් (Error of Judgement) පමණක් බවත්, කිසිසේත්ම මෙය අපරාධයක් නොවන බව ඔහු තර්ක කළේය.

යහපත් චේතනාවෙන් (සද්භාවයෙන්) ගන්නා ලද ක්‍රියාමාර්ග සඳහා මුදල් පනත මගින් නීතිමය ආරක්ෂාව ලබාදී ඇති බවත්, එම ආරක්ෂාව ඉවත් කිරීමට වැරදි ලෙස හෝ හිතාමතාම පාඩුවක් කිරීමේ සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නැති බවත් ඔහු තව දුරටත් ඉදිරිපත් කළේය.

ඉහත කී ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින්, මුදල් මණ්ඩලය අත්තනෝමතිකව හෝ වංචනිකව කටයුතු කළ බවට නිගමනය කළ නොහැකි බව 2014දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ බව ප්‍රකාශ කරමින් විත්තිය වෙනුවෙන් එම තීන්දුව ද උපුටා දැක්විණි.

චෝදනා පත්‍රය ඉදිරියට ගෙන යාමෙන් සිදු වන්නේ සාක්ෂි මගින් අනුබලයක් නොමැති, නිෂ්ඵල හා දීර්ඝ නඩු විභාගයක් පමණක් බැවින්, නව දූෂණ විරෝධී පනතේ (Anti Corruption Act) 67 වැනි වගන්තිය යටතේ මෙම අධි චෝදනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස රත්නායක අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(2025.12.12 Daily FT පුවත්පත් වාර්තාවේ දළ සිංහල පරිවර්තනයකි.)

උපුටා ගැනීම - සුදර්ශන ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුවෙන්..

Cabraal discharged on condition he compensates Central Bank in three months

kabral shiral
යුක්තිය නිවාඩ් කබ්රාල්ට ද, ජනතාවට ද? යූක්තිය හා නීතිය පිළිබද විකල්ප කතිකාවක් | Nirmal Dewasiri

ග්‍රීක බැදුම්කරවල මහජන මුදල් ආයෝජනය කොට රාජ්‍යයට අලාභයක් කළාය යන චෝදනාව මත මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විරුද්ධව පවරා තිබූ නඩුවට අදාළ විවාදයට තුඩු දී ඇති නඩු තීන්දුව මුල් කරගෙන නීතිය හා යුක්තිය අතර සම්බන්ධය පිළිබද සාකච්ඡාවක් ආරම්භ කරමින් මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ගේ අදහස් දැක්වීමක් මතු දැක්වෙන වීඩියෝවේ පළවේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වන්දි කතාව අතේ රෝලක් !- කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් ! | The Leader