මෙය විනිවිදභාවයෙන් සාකච්ඡාවකින් තොරව ක්‍රියාත්මක කිරීම බරපතළ ගැටලුවක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රජය, විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට ගෙන ඇති උත්සාහ සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
උපකුලපතිවරයාට තනි බලයක් ලබා දීම බරපතළ ගැටලුවක්
මෙවැනි දැවැන්ත ක්‍රියාවක් සිදු කරන විට අදාළ පාර්ශ්වකරුවන් සමග විධිමත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ද අදහස් යෝජනා සාකච්ඡාවට ලක් කර සලකා බලා මෙම වෙනස් කිරීම් සිදුවිය යුතුව තිබුණත් විධිමත් සාකච්ඡාවකින් හා විනිවිදභාවයකින් තොරව මෙම වෙනස සිදු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. මේ වෙනස්කම් සිදු කිරිම තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඡන්දයෙන් පත්වන පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් ඉවත් කිරිම සම්බන්ධව නිසි නිර්නායක ක්‍රියා පටිපාටි විග්‍රහ කිරීමක් නැහැ.
අංශාධිපතිවරුන් පත් කිරීමේ දී උපකුලපතිවරයාට තනි බලයක් ලබා දීම බරපතළ ගැටලුවක්. මේ ගැන නැවත විමසා බැලීමක් සිදුවිය යුතු යි. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ උග්‍ර ගැටලු රැසක් නිර්මාණය වී ඇති මොහොතක මේ පනත අංශාධිපතිවරුන් හා පිඨාධිපතිවරුන් පත් කිරීම හා ඉවත් කිරීම ගැන පාලක සභාවට බලය ලබා දී බලය මධ්‍යගත කිරීමකට යොමුවීම සුදුසුද නුසුදුස ද කියා දැවැන්ත සාකච්ඡාවක් නිර්මාණය විය යුතු යි. නමුත් රජය එවැනි සාකච්ඡාවකින් තොරව බලය මධ්‍යගත කිරිමට උත්සාහ කරනවා.
මේ ඒකාධිපති ක්‍රමයකට රට ගෙන යෑමක්
මෙම නව සංශෝධිත පනත පාර්ලිමේන්තුවේ අනුමත වීමකින් පසුව රටේ වලංගු නීතියක් වීමට පෙර රටේ පවතින නීතිය හා ක්‍රමවේදය මෙන්ම ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා උපකුලපතිවරුන්ට ලිපියක් යොමු කර පීඨාධිපතිවරු හා අංශාධිපතිවරුන් පත් කිරීම නතර කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට මෙවැනි ලිපියක් යොමු කිරිමට හැකියාවක් නැහැ. උපකුලපතිවරු පවතින නිතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.
මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා තුළ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න නම් මීට වඩා පුලුල් සාකච්ඡාවකට ලක් කර ප්‍රජාතන්තවාදය අනුව නිසි පාර්ශ්වකරුවන් සමග විධිමත් සාකච්ඡාවකට ගොස් උචිත ක්‍රමවේදයකට පනත වෙනස් කළ යුතු යි. සාධනීය කරුණු ගැන පමණක් තීන්දු ගත යුතු යි. මේ වෙනස හරහා රජය සිදු කරන්නේ ඒකාධිපති ක්‍රමයකට රට ගෙන යෑමක්. දරදඩු නොවී නම්‍යශීලී වී තාවකාලිකව මේ පනත සංශෝධනය නතර කර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරන ලෙසට ඉල්ලා සිටිනවා.''
