අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තුව කැදවනු ලැබේ.
නාමල් හරිනිට යවපු ලිපිය ඵලදරයි - පාර්ලිමේන්තුව 18 වැනිදා කැඳවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැදවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මීට ප්‍රථම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියේය.




