එමගින් මෙහි වගකීම් පැහැරහරින ලද පුද්ගලයන් කවුරුන්ද හඳුනාගත හැකි බව ඔහු සඳහන් කරයි.
දිටිවා සුළි කුණාටුවෙන් විශාල ව්‍යසනයක් සිදුවිය.එම නිසා විනිවිද භාවයෙන් යුතුව කෙරෙන පරීක්ෂණයක් මගින් වගවිම් සහිතව ජනතාවට යුක්තිය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පරීක්ෂණයක් වහා පවත්වා විපතට පත් ජනතාවට යුක්තිය ඉටු කළ යුතු බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


කාලගුණ විද්‍යාඥයන්ගෙන් වගකිව යුත්තන්ට දැඩි පිළිතුරක් !
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයින් කල් තබා නිසි ලෙස අනාවකි නොකී බවට වගකිවයුතු අංශ වලින් මෙන්ම තවත් පාර්ශ්ව ගණනාවකින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදාළ තත්ත්වය පැහැදිලි කරමින් කාලගුණ විද්‍යාඥයෝ නිවේදනයක් නිකුත් කර තිබිණ.
ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ගේ සභාපතිත්වයෙන් ඇති කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ තම සංගමයේ විද්වත් විද්‍යාඥයින් පසුගිය නොවැම්බර් 23 වැනිදා සිට වාර 25 ක් පමණ පූර්ව කාලගුණ අනාවැකි සහ රතු නිවේදන මගින් රටේ වගකීවයුතු අංශ දැනුමිවත් කළ බවයි. එම කාලගුණ අනාවැකි පැය තුනෙන් තුනට යාවත්කාලීන කළ බවද ඔවුන්ගේ නිවේදනයේ සඳහන්ය.
තම සංගමයේ නිලධාරීන් ප්‍රථම කාලගුණ අනතුරු ඇඟවීම පසුගිය 23 වැනි දා නිකුත් කළ බවද ඔවුහු පවසති . සිය ප්‍රථම නිවේදනය මගින් ධීවර සහ නාවික ප්‍රජාවටද අනතුරු ඇඟවීම නිකුත් කළ බව එම නිවේදනය වැඩිදුරටත් කියයි.
නොවැම්බර් 25 වෙනිදා නිකුත් කළ ප්‍රථම රතු නිවේදනය මගින් පොළොන්නරුව, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, ඌවපළාත යන ප්‍රදේශවලට මිලිමීටර් 150ට වඩා වැඩි වැසි පතිත වන බව පුරෝකථනය කර තිබේ.
මෙම සියලු අනාවැකි ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව බවද කාලගුණ විද්‍යාඥයෝ පවසති.
මිට අමතරව ආයතනික මට්ටමින් දැනුවත් කිරීම් රාශියක් කර ඇති බවද සඳහන්කරන කාලගුණ විද්‍යාඥයෝ එම දැනුවත් කිරීමේ අවස්ථාවන් සඳහා ආපදා කළමනණාකරන මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු මෙයින් බලපෑම් එල්ලවන රජයේ ප්‍රධාන පෙළේ ආයතන නවයක ජ්‍යොෂ්ඨ නිලධාරීන් සහභාගි වූ බවද සඳහන් කර ඇත.
මෙතරම් පැහැදිලිව අනාවැකි පවසා තිබියදීත් සිය දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වයට හානි සිදුවන ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කලගුණ විද්‍යාඥයන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.




