ඇතැම් අවස්ථාවල සහල් ආනයනය කිරීමට සිදු වූයේ ඇතැම් සහල් වර්ග වගා කිරීමේ ප්‍රමාණයන්හි වෙනස්කම් හේතුවෙන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගංවතුරින් හානි වූ ගල්නෑව ප්‍රදේශයේ කුඹුරු යළි අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉදිරි කන්නයේ වගා කරන නාඩු හැරුනු විට වෙනත් අස්වනු සඳහා වැඩි මිලක් ලබා දීම පිළිබදව ද අවධානය යොමුව ඇති බව ලාල් කාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත,
''යළි නැගී සිටීම ගැන දැවැන්තම අත්දැකීම තියෙන්නේ ගොවි ජනතාවට.. ගොවි ජනතාවට මේ වෙච්ච විනාශයේදීත් නැවත නැගී සිටීම ගැන කිසිම සැකයක් ඇත්තේ නෑ.. මේ විනාශය වෙච්ච ගමන් අපේ හිතට එකපාර ආවේ ගොවියෝ වගා කරනවා ප්‍රශ්නයක් නෑ හැබැයි බිත්තර වී ප්‍රශ්නයක් එන්න පුලුවන් කියලා.. හැබැයි බිත්තර වී ගැන කොහෙවත් සාකච්ඡාවක් ඇත්තේම නෑ.. ඒ නිසා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඉදිරියේ දී සහල් ප්‍රශ්නයක් එයි කියලා එහෙම ප්‍රශ්නයක් නෑ..වගා කරන ප්‍රමාණයක්ගේ වෙනස්කම් නිසා සමහර වර්ග රටින් ගේන්න වෙලා තියෙනවා..පහුගිය දිනවල අපි කිරීසම්බා යම් ප්‍රමාණයක් ගෙන්නුවා. ඒ ගේන්න වෙලා තියෙන්නේ කිරී සම්බා වගා කරන ප්‍රමාණයේ අඩුවක් නිසා මිස සහලින් රටේ හිඟයක් තියෙන නිසා නෙමේ''
ඉදිරි වසර තුළ කිසිම සහල් හිඟයක් නැ - දුමින්ද ප්‍රියදර්ශන
මේ අතර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේ ආහාර පද්ධති අංශයේ අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පර්යේෂක හා ප්‍රවින කෘෂිආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.එම් දුමින්ද ප්‍රියදර්ශන ද පවසන්නේ, ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට වි වගාවට සිදුවි ඇති සමස්ත හානිය පිළිබද සලකා බැලිමේ දි ඉදිරිවසර තුල කිසිසේත්ම සහල් හිගයක් ඇතිවිය නොහැකි බවයි.
මෙවර මහ කන්නයේ (2025/2026) නොවැම්බර් මස අවසාන වනවිට වි වගාකොට ඇතිබිම් ප්‍රමාණයෙන් සම්පුර්ණයෙන්ම හානිවි ඇත්තේ හෙක්ටයාර් එක්ලක්ෂ, අටදහසක් (108,000) බවද හෙතෙම පවසයි.
මෙම තත්ත්වය තුල වි වගාවට සිදුවි ඇති හානිය පිළිබද සලකා බැලිමේ දි සමස්ත වී නිෂ්පාදනයට සිදුකළ හැකි බලපෑම සියයට නමයක්, දොළහක් අතර ප්‍රමාණයක් බවද දුමින්ද ප්‍රියදර්ශන පවසයි.
මෙවර මහ කන්නයේ දි (2025/2026) දැනට වි වගාකොට ඇති බිම් ප්‍රමාණය සහ වගා හානි වි ඇති බිම් ප්‍රමාණය සලකා බැලිමේ දි වි මෙට්‍රික්ටොන් ලක්ෂ 25ක නිෂ්පාදනයක් අපේක්ෂා කළ හැකි බවද දුමින්ද ප්‍රියදර්ශන පෙන්වාදෙයි.
එම වි නිෂ්පාදනය රටේ පාරිභෝගික අවශ්‍යතාවයෙන් අවම වශයෙන් මාස හතකට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනය කළහැකි බවද කෘෂි ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.එම් දුමින්ද ප්‍රියදර්ශන පවසයි.
මෙවර මහ කන්නයේ දි ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 05කට අධික භුමි ප්‍රමාණය වි වගාකළ හැකි බවට අපේක්ෂා කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.




