සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට තීරණය කළා යැයි සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේම කුමාර නානායක්කාර පැවසී ය.
ඔහු එසේ ප්‍රකාශ කළේ "පෙරළි කාර හේමකුමාර "නම් වූ චරිතාපදාන කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමිනි.
පසුගිය දා කොළඹ පදනම් ආයතනයේ දී පැවති මෙම උත්සවය: පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ ගේ සහ දේශ මාන්‍ය හිටපු කතානායක කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන දෙදෙනා ද වර්තමාන රජයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ඇතුළු හිටපු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි .
එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හේම කුමාර නානායක්කාර...
මම තවදුරටත් දේශපාලන ගැත්තෙක් නොවෙමි

වර්තමානය වන විට බොහෝ පිරිස් සහ සමහර නායකකාරකාදීන් ගේ ක්‍රියාකාරකම් අදහස් උදහස් සහ වැඩ සටහන් පිළිබඳ විමර්ශනය කර බැලීමේ දී අපගේ ජාතිය සහ ආගම බරපතළ ලෙස තර්ජනයට ලක්වෙමින් පවතිනවා. මෙය නිහඬව දෑත් බැඳ බලා සිටිය යුතු අවධියක් නොවන බව මට දැන් කාලයක සිට හිතට වද දෙන සිතුවිල්ලක්. ඒ සඳහා මමත් පෙරමුණ ගත යුතුයි යන හැඟීම තුළ මම තවදුරටත් දේශපාලන පක්ෂයකට ගැති නොවී නිදහස් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කරා. ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදයත් මග පෙන්වීමත් අපගේ විද්වතුන්ගේ සහයෝගය සහ සහභාගිත්වයත් අපේක්ෂා කරනවා.
ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට විදෙස් රටවල්වල සෘජු මැදිහත්වීම් තිබෙනවා
ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට විදෙස් රටවල්වල සෘජු මැදිහත්වීම් තිබෙනවා
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම යි. ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවක් බලහත්කාරයෙන් අරගලකර පෙරළා දැමීමට කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් වෙනස් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් අපේ ව්‍යවස්ථාවේ අඩංගු යි. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට සමහර විදෙස් රටවල්වල සෘජු මැදිහත්වීම් තිබෙනවා. ඒවායින් අපේ රටත් ජාතියත් ආරක්ෂා කර ගැනීම අප හැමදෙනාගේම වගකීමක්.''