ශ්‍රී ලංකා කර්තෘ සංසදය (The Editors' Guild of Sri Lanka - TEGOSL) විසින් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.
පළමු අවස්ථාව වූයේ, 2025 නොවැම්බර් 19 දින 'අරුණ' පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් 'අසත්‍ය' බවට, තමන්ගේම පදනම මත ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 'අරුණ' පුවත්පතේ කර්තෘවරයා කැඳවීමයි.
දෙවන සිදුවීම වූයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේ කරන ලද ප්‍රකාශයකි. එහිදී ඔහු ජනාධිපතිවරයාට 'අපහාස කරන' අය හදිසි නීති රෙගුලාසි යටතේ 'චූදිතයන්' ලෙස සලකා ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ පියවර ගැනීමෙන් හදිසි නීති රෙගුලාසි අනිසි ලෙස භාවිතා කිරීම සඳහා පොලිසියට භයානක ලෙස නොමඟ යවන සංඥාවක් ලබා දෙන බව කර්තෘ සංසදයේ අදහසයි.




