ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතළ අඩුපාඩුකම්, ඌනතා හා විෂමතා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සුළි කුණාටුවෙන් විපතට පත් වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නැංවීම උදෙසා හුස්ම ව්‍යාපෘතිය තුළින් ගම්පොළ රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එම අවස්ථාවේ දී Patient Monitor 5ක් සහ Syringe pump 2ක් පරිත්‍යාග කළේ ය.
ඒහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිටයි!

''මේ වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රජයේ නිලධාරීන්ට පවා කිසිදු වැඩපිලිවෙළක් නැති බව පවසනවා. විවිධ සුදුසුකම් මත මූල්‍ය සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දී ඇති මුත් මුදල් ලබා දීමේ ක්‍රමවේදයක්, වැඩපිළිවෙළක් සහ චක්‍රලේඛ නිකුත් කර නැති බව ආපදා කළමනාකරණ සහන සේවකයින් කියනවා. මේ ආකාරයට ආපදා කළමනාකරණය සිදු වන්නේ නම් රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිටයි. ආපදා කළමනාකරණ වැඩපිළිවෙළේ ප්‍රතිසංස්කරණයක් පරිවර්තනයක් හා නවීකරණයක් සිදුව සම්පත් ලැබිය යුතු යි. එය නොවන්නේ නම් ඉදිරියේ දී ඇති වන ආපදාවල දී පවා සිදුවන්නේ මිනිස් ජීවිත සුරක්ෂා වීම නොව විපතට පත් ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ජන ජීවිත විනාශ වීමක්. ඒ නිසා මේ යල්පැනගිය මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩපිළිවෙළ පසෙකලා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. එසේ නොවන්නේ නම් රජය කරන්නේ ජනතාව ජීවත් කරවීමේ වැඩපිළිවෙළින් බැහැර වීම යි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාධ්‍ය තහංචියක්...?
මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාවකාලිකව හිරකර ඇති ද කියා ගැටලුවක් පවතිනවා. ස්වාධීනව මාධ්‍ය ඉදිරියට යෑමට තහංචි දමා තිබෙනවා. නොවැම්බර් 11 වැනි දා සිට 26 වැනි දා දක්වා පුනපුනාම දින 15ක් මේ බරපතළ අවදානම ගැන විවිධ අවස්ථාවල හෙළිදරව් කළත් ඒවාට අවධානය යොමු කරේ නැහැ. හදිසි අවස්ථා තත්ත්වයක් ඇති කරන ලෙසට විපක්ෂය යෝජනා කළ අවස්ථාවේ එය ද ප්‍රතික්ෂේප කළා. දැන් ආපදා කළමනාකරණ නිලධාරීන් පවා කනස්සල්ලෙන් සිටිනවා.
කඳවුරුවල සිටින පිරිස්වලට නිවස්වලට යන්නැයි බලපෑම්
කඳවුරුවල සිටින ජනතාවගේ ජනජීවිත සුරක්ෂා කරන්න රජයත් සියලු දෙනාත් කැපවිය යුතු යි. මේ කඳවුරුවල සිටින ජනතාව අඩුවන බවට ලෝකයට පෙන්වන්න ඔවුන්ට නැවත නිවෙස්වලට යන්න කියන එක බරපතළ තත්ත්වයක්. ඔවුන් නිවෙස් අතහැර කඳවුරුවලට ආවේ අවදානම නිසා. NBRO ආයතනයට තම කාර්යය ඉටු කරන්න ප්‍රමාණවත් නිලධාරීන් පවා නොමැති තත්ත්වයක් මත රජයට කඳවුරුවල සිටින අනාථ වූ ජනතාවට ජලය ගලපු ඉරිතලපු ගෙවල්වලට යන්න කියන්න බෑ. මේ ජනතාවට ආරක්ෂිත ජීවිතයක් හා ආරක්ෂිත නිවසක් ඇති කර හොඳ ජිවනෝපායක් සඳහා සුදුසු ස්ථානයක් ලබා දීම රජයේ යුතුකමක්.
අපි, විපක්ෂයක් ලෙස දැනුත් ජනතාවට උදව් කරනවා
ග්‍රාම නිලධාරීන් කරනා වටිනා සේවාව ප්‍රශස්ත යි. ආයතන ක්‍රියාත්මක කරන්න බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙසට ඉල්ලා සිටිනවා. ආර්ථික සංවර්ධන හා සමෘද්ධි ක්ෂේත්‍රයේ ද ගැටලු තිබුණත් සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රය, ත්‍රිවිද හමුදාව, රෝහල්, පොලිසිය සහ ස්වේච්ඡා සංවිධානවලට අප ගේ ගෞරවය පුදකර සිටිනවා. පරාර්ථකාමීව විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගෙන විපතට පත් ජනතාවට ලබා දෙන්න පරිශ්‍රමයක් දැරූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. විපක්ෂයක් ලෙස දැනුත් ජනතාවට උදව් කරනවා. ඒ වැඩපිළිවෙළ සඳහාත් යම් යම් බාධා පවතිනවා. මේ ව්‍යුහාත්මක බාධා ඉවත් කර ගෙන රට ගැන සිතිය යුතු යි. ලක්ෂ 220ක් ජනතාව සහ විපතට පත් ජනතාව ගැන සිතා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද පසෙකලා අවතැන් වූ ජනතාව විපතට පත් ජනතාව සුවපත් කරන්න සැපවත් කරන්න කටයුතු කළ යුතු යි. ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම්.''