The Leader News
BREAKING
Top Ad
පුවත්

අපේ අරමුණ ඵලදායි පුරවැසියෙක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

T

The Leader Desk

December 14, 2025 • 4:20 PM

අපේ අරමුණ ඵලදායි පුරවැසියෙක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 14වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.
  • එය ජනතාවට අයිති අරමුදලක් ලෙස දැනෙන්න වැඩ කටයුතු කිරීමට රජයක් ලෙස විශේෂ උත්සාහයක් ගත්තා.
  • ඒ සඳහා තමයි 2026 වසරේ සිට අපි අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් ඇති කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ.
  • අපේ අරමුණ ඵලදායි හොඳ පුරවැසියෙක් බිහි කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 14වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.

මෙම අදියරට අදාළ ව 2023 සහ 2024 වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූ බස්නාහිර පළාත් සිසුහු ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ටයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 36.1 ක ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි.

උත්සව අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

අපේ අරමුණ ඵලදායි හොඳ පුරවැසියෙක් බිහි කිරීම

''ජනාධිපති අරමුදල කියන්නෙ ජනතාව ගේ අරමුදලක්. එය ජනතාවට අයිති අරමුදලක් ලෙස දැනෙන්න වැඩ කටයුතු  කිරීමට රජයක් ලෙස විශේෂ උත්සාහයක් ගත්තා. මෙතෙක් විශේෂ බලයක්, තනතුරක් දරන අයට පමණක් ප්‍රතිලාභ ලබා ගැනීමට පහසුවක් ව තිබූ, සාමාන්‍ය ජනතාවට ලංවීමට දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක්ව තිබූ ජනාධිපති අරමුදල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ හා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා අයදුම් කිරීමට හැකි සරල ක්‍රමවේදයකට ගෙන ඒමට අප රජය සමත්ව තිබෙනවා. මේ සියලු වැඩසටහන් අපි සිදු කරන්නේ අපේ මානව සම්පත වර්තමාන ලෝකයට ගැළපෙන අයුරින් දියුණු කරගෙන ඉදිරි ගමනක් යන්න. වර්තමාන ලෝකයේ තියෙන සංකීර්ණත්වය තේරුම් ගෙන ගමන් කළ හැකි මානව සම්පතතක් බිහි කරන්න රජයක් විදිහට අපි කටයුතු කරනවා. ඒ සඳහා තමයි 2026 වසරේ සිට අපි අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් ඇති කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. අපේ අරමුණ ඵලදායි හොඳ පුරවැසියෙක් බිහි කරන එක.

මේ ඇගයීම ඔබ සහ රට වෙනුවෙන් කරන ආයෝජනයක්

අපට අවශ්‍ය වන්නේ පරිසරයට ආදරය කරන, පරිසරය ආරක්ෂා කරන්න ඉදිරිපත් වන, නායකත්වයක් ඇති, සහකම්පනයෙන් සහ සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන වගකීම් සහගත මානව සම්පතක් බිහි කිරිම යි. සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වෙලා තියෙන්නේ මේ රටේ සියලු ම ජනතාව ගේ බදු මුදල්වලින්. ඒ සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් දක්ෂයින් පිරිසක් නිසා තමයි ඔබ අපට විශේෂයෙන් ම වටින්නේ. අද දින මේ සිදු කරන ඇගයීම අපි ඔබට කරන ආයෝජනයක්. රාජ්‍ය මැදිහත්වීමකින් අධ්‍යාපනය ලබන සහ රාජ්‍ය මැදිහත්වීමකින් ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් වගකීමක් තියෙනවා.''

කිසිවෙකුත් අත් නොහැරීම  (Inclusivity) යන්න රජයේ දැක්ම යි - නියෝජ්‍ය අමාත්‍ය  අනිල් ජයන්ත

හෘදයාබාධ වැනි දරුණු රෝග තත්ත්ව වෙනුවෙන් මුදල් ආධාර ලබාගත හැකි අරමුදලක් ලෙස ජනතාව අතර ප්‍රචලිතව තිබූ ජනාධිපති අරමුදල නව ආණ්ඩුව යටතේ භාවිත කිරීමේ විෂය පථය පුළුල් කර ඇති අතර, අධ්‍යාපනය එහිදී  විශේෂ ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගෙන ඇතැයි මෙහි දී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය  අනිල් ජයන්ත  පැවසී ය.

එමෙන්ම කිසිවෙකුත් අත් නොහැරීම  (Inclusivity) යන රජයේ දැක්ම හා ජනාධිපති අරමුදල එකට බැඳී පවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, චන්දිම හෙට්ටිආරච්චි,  ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති අරමුදලේ පාලන මණ්ඩලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ඇගයීමට ලක් වූ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ භාරකරුවෝ ද සහභාගී වූහ.

cfgh5rytr5

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...