The Leader News
BREAKING
Top Ad
පුවත්

සැත්කම්වලට ලක්වන රෝගීන්ට දෙන ඉන්දීය එන්නතක් තහනම් !

T

The Leader Desk

December 15, 2025 • 5:05 AM

සැත්කම්වලට ලක්වන රෝගීන්ට දෙන ඉන්දීය එන්නතක් තහනම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ එන්නත ලබාගත් මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකු ද ඇතිවූ සංකූලතා මත මිය ගිය බවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයක් යන අතර ඒ පිළිබඳව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ජයන්තගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ එන්නත ගත් රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තා වී නැති බවයි.
  • මේ අතර රෝගීන් නිර්වින්දනය කළ පසු ඇති වන අතුරු ආබාධ වැළැක්වීම සඳහා මෙම එන්නත රෝගීන්ට ලබාදෙන බව වෛද්‍යවරු කියා සිටිති.
  • මීට අමතරව ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට වමනය ඇති වන අවස්ථාවලදීත් මෙම එන්නත ලබා දෙන අතර සැත්කම්වලට ලක් කරන රෝගීන්ට ද මෙය ලබාදෙන බව වෛද්‍යවරු පවසති.
  • බණ්ඩාරගේ අත්සනින් නිකුත් කර ඇති NMR/PA3/ADR 04/2025 දරන ලිපිය ඉකුත් 12 වැනිදා නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ එන්නත ලබාගත් මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකු ද ඇතිවූ සංකූලතා මත මිය ගිය බවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයක් යන අතර ඒ පිළිබඳව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ජයන්තගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ එන්නත ගත් රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තා වී නැති බවයි.

මේ අතර රෝගීන් නිර්වින්දනය කළ පසු ඇති වන අතුරු ආබාධ වැළැක්වීම සඳහා මෙම එන්නත රෝගීන්ට ලබාදෙන බව වෛද්‍යවරු කියා සිටිති.

මීට අමතරව ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට වමනය ඇති වන අවස්ථාවලදීත් මෙම එන්නත ලබා දෙන අතර සැත්කම්වලට ලක් කරන රෝගීන්ට ද මෙය ලබාදෙන බව වෛද්‍යවරු පවසති.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ. එම්. ජී. කේ. බණ්ඩාරගේ අත්සනින් නිකුත් කර ඇති NMR/PA3/ADR 04/2025 දරන ලිපිය ඉකුත් 12 වැනිදා නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ අදාළ එන්නත ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතා හා අහිතකර ප්‍රතික්‍රියා මත මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බවයි.


ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (Indian Phamcopeia) හෙවත් IP ප්‍රමිතිය යටතේ මෙරටට අදාළ ඖෂධය ගෙන එන බවත් ඒවා මෙරට දී යළි පරීක්ෂාවට ලක් නොකරන බවත් වෛද්‍ය සංගම් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම එන්නත ලබාදීමෙන් පසුව යම් කිසි සංකූලතාවක් මත එම රෝගියා මියගොස් ඇති බවයි. තවද එම මරණය මෙම එන්නත් නිසා ඇති වූ මරණයක් ද යන්න පිළිබඳව සහතිකව කිව නොහැකි බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම Ondansetron VSP 8 mg/A ml (Ondanman 8) එන්නත රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ ලියාපදිංචි සමාගම්වලින් කෙළින්ම මෙරටට ඖෂධ ගෙන්වීමට වත්මන් රජය තීරණය කළ බවත් එලෙස ගෙන්වන ඖෂධ මෙරටදී පරීක්ෂා නොකරන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය.

ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (indian Pharmacopeia) ලියාපදිංචි ඖෂධ මෙරටට ගෙන ඒමෙන් පසු මෙරට දී එම ඖෂධ පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.


(aruna | ශිරාන් රණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...