ඒ, ඊයේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව ඊයේ දින (14) පෙ.ව 10.00 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පක්ෂයේ සභාපති නීතිඥ, නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කළේ ය.
මෙම රැස්වීම පැවැත්වීම තහනම් කිරීම සඳහා පසුගිය සිකුරාදා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබු බවත් මෙම රැස්වීම පැවැත්විම නතර කිරීම සඳහා නියෝගයක් ලබා දීම අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරන බවත් පවතින අපදා තත්ත්වය මත විශාල දෙනකුගේ පැමිණිම අගය කළ යුතු බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටියේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සහ කාන්තා පෙරමුණ සංශෝධිත ව්‍යවස්ථාව අනුමත කරන ලද අතර ඒ අනුව කාන්තා සහ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත හැකි වයස් සීමාව 16 දක්වා අඩු කරන ලදි.
මධ්‍යම කාරක සභාවේ පුරප්පාඩු වූ නිල අද දින පවත්වනු ලබන විධායක සභා රැස්වීමේ දී පිරවිය යුතු බවත් තීරණය කරන ලදී.
පක්ෂයේ කැඩිබිඳී විසිරි ගිය කණ්ඩායම් රාශියක් ඒකරාශි කර ගැනීමට පියවර ගැනීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සතු බලතල සියල්ල ම පාහේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙත පැවරීමට වර්තමාන සභාපති නීතිඥ, නිමල් සිරිපාල ගේ තීරණය පැසසුමට ලක් විය.
ඉන් අනතුරුව පවත් වන ලබන විධායක සභා රැස්වීමේ දී පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක ද පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද පුරප්පාඩුව ඒකමතිකව තෝරා පත් කර ගන්නා ලදි.
සභාපතිවරයාට පැවරි ඇති බලතල සිමා කිරීමේ තීන්දුවක්..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදිකරණය කිරීම සදහා වර්තමාන ව්‍යවස්ථාවේ එහි සභාපතිවරයාට පැවරි ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවත්, පක්ෂ සමාජිකත්වය අවුරුදු 16 ඉහළ ඕනෑම අයකුට ලබා ගත හැකි බවත්, පදනම්ව සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධනය අදාළ නිකුත් කරන ලද කෙටුම්පත අනුමැතිය සඳහා විධායක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර, එය සාකච්ඡා කිරිමෙන් අනතුරුව එකි කෙටුම්පත අනුමත කරන ලදී.
මෙකි ව්‍යවස්ථා සංශෝධනය ඉතා ප්‍රගතශිලි ව්‍යවස්ථා සංශෝධනයක් බවත් මෙයින් පක්ෂයේ ප්‍රතිරූපය ඉහළ නැංවෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද රාශියකට මුල් වුයේ සභාපතිවරයා සතු අසීමිත බලතල අත්තනෝමතිකව භාවිතා කල බැවින් බවත් සිවිල් අභියාචනාධිකරණයේ නඩු තීන්දුවකින් පවා ඒ බව සඳහන් කර ඇති බව පැවසු සභාපතිවරයා ඉදිරියට පත් වන කිසිදු සභාපති වරයකුට එසේ අත්තනෝමතික ලෙස බලය භාවිතා කිරිම මෙම ව්‍යවස්ථා සංශෝධනය නිසා කිසිදු ඉඩකඩක් නොලැඹෙන බවත් මේ තුළින් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කිරීමට තමාහට හැකිවීම පිළිබදව තමා ඉමහත් සතුටට පත් වන බවත් සභාපති නීතිඥ, නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය.
ඉන් අනතුරුව පැවති සමස්ත ලංකා කාරක සභාවේ දී සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එකී ව්‍යවස්ථා සංශෝධනය ඒකමතිකව සම්මත කරන ලදි.
රටේ වර්තමාන දේශපාලන තත්ත්වය, ඉදිරියේදි පැවැත්වීමට ඇති පළාත් සභා මැතිවරණය සහ පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබදව සාකාච්ඡා කිරීම ද මෙහි දී සිදු කළේ ය.




