The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනාධිපති නීතිඥ දයා පැල්පොළ අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

December 15, 2025 • 8:28 AM

ජනාධිපති නීතිඥ දයා පැල්පොළ අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ලෙස වසර 15කට වැඩි කාලයක් කටයුතු කළේය.
  • එසේම, ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙසද පක්ෂය ගොඩ නැංවීමේ දැවැන්ත කාර්ය භාරයක් කළ නායකයෙකි.
  • යහපාලන සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු දයා පැල්පොළ මහතා (2015-2019) ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපන සබඳතා වර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.
  • ඔහු කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන්ද ප්‍රකටය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ලෙස වසර 15කට වැඩි කාලයක් කටයුතු කළේය.

එසේම, ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙසද පක්ෂය ගොඩ නැංවීමේ දැවැන්ත කාර්ය භාරයක් කළ නායකයෙකි.

යහපාලන සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු දයා පැල්පොළ මහතා (2015-2019) ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපන සබඳතා වර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය. ඔහු කෘතහස්ත  රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන්ද ප්‍රකටය.

පැල්පොල මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.

පැල්පොළ මහතා අභාවප්‍රාප්ත  වන විට 85 වන වියෙහි පසු විය.

ඔහුගේ දේහය අංක 78, ලියනගේ මාවත, පැලවත්ත, බත්තරමුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය පෙරහර නිවසින් හෙට (16)සවස 3ට පැලවත්ත ලියෝන් බැස්ටෝන් රෝමානු කතෝලික පල්ලියට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල කනත්තේදී සවස 4.30ට භූමදාන කටයුතු සිදු කෙරෙයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...