The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමා ආණ්ඩුවත් දෙමළ භාෂාව නොසලකා හරිමින් කටයුතු කරනවා - තැන්නේ ඤාණානන්ද හිමි

T

The Leader Desk

December 15, 2025 • 3:34 PM

මාලිමා ආණ්ඩුවත් දෙමළ භාෂාව නොසලකා හරිමින් කටයුතු කරනවා - තැන්නේ ඤාණානන්ද හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පමණක් බවත්, පසුගිය කාලය පුරාම බලයේ සිටි සියලු ආණ්ඩු ද ‍රජයේ නිල කටයුතුවල දී දෙමළ භාෂාව නොසලා හරිමින් කටයුතු කර ඇතැයි සම අයිතිය ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජික තැන්නේ ඤාණානන්ද හිමි පැවසී ය.
  • ඤාණානන්ද හිමි මෙම අදහස් පළ කළේ ආපදා නිල නිවේදන සහ රජයේ නිල ප්‍රකාශ සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සම අයිතිය ව්‍යාපාරය අද (15 ) ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගොස් ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිවේදන, අනතුරුදායක සහ අවදානම් කලාපවලින් ඉවත් වන ලෙස දැනුම් දෙන නිවේදන, ආපදා කළමනාකරණ කමිටුවේ නිල නිවේදන මේ හැම එකක්ම නිකුත් වුනේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විතරයි.
  • ජනපති ජාතිය ඇමතුවෙත් සිංහලෙන් ම පමණයි මේකෙන් මේ රටේ දෙමළ භාෂාව කතාකරන 25%ක් පමණ වන ජනතාවකට වෙන්නේ බරපතළ අසාධාරණයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

පමණක් බවත්, පසුගිය කාලය පුරාම බලයේ සිටි සියලු ආණ්ඩු ද ‍රජයේ නිල කටයුතුවල දී දෙමළ භාෂාව නොසලා හරිමින් කටයුතු කර ඇතැයි සම අයිතිය ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජික තැන්නේ ඤාණානන්ද හිමි පැවසී ය.

ඤාණානන්ද හිමි මෙම අදහස් පළ කළේ ආපදා නිල නිවේදන සහ රජයේ නිල ප්‍රකාශ සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සම අයිතිය ව්‍යාපාරය අද (15 ) ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගොස් ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ තැන්නේ ඤාණානන්ද හිමි...

නිවේදන සියල්ල ම සිංහල භාෂාවෙන් පමණ යි

"අපි අද ජනාධිපතිවරයාට සම අයිතිය ව්‍යාපාරය විදිහට ලිපියක් බාර දෙන්න හිතුවේ පසුගිය ආපදා සමයේ රජය පාර්ශවයෙන් සිදුවූ අතපසුවීමක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. මේ ව්‍යසනය වෙලාවේ රජයේ නිල නිවේදන දිහා බලද්දි අපිට ගැටලුවක් මතුවෙනවා. මොකද ආපදාව සම්බන්ධයෙන් රජය නිකුත් කරපු නිවේදන සියල්ල ම නිකුත් වුනේ සිංහල භාෂාවෙන් විතරයි. දෙමළ භාෂාවෙන් කිසිඳු නිල නිවේදනයක් නිකුත් වුනේ නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිවේදන, අනතුරුදායක සහ අවදානම් කලාපවලින් ඉවත් වන ලෙස දැනුම් දෙන නිවේදන, ආපදා කළමනාකරණ කමිටුවේ නිල නිවේදන මේ හැම එකක්ම නිකුත් වුනේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විතරයි.  මේ ගැටලුව මෙවැනි ආපදා තත්වයක දි විතරක් නෙවෙයි දකින්න ලැබෙන්නේ. පසුගිය කාලයක් පුරාවට බලයේ හිටපු සියලු ආණ්ඩුත් ‍රජයේ නිල කටයුතුවලදී දෙමළ භාෂාව නොසලා හරිමින් තමයි කටයුතු කළේ.

ජනපති ජාතිය ඇමතුවෙත් සිංහලෙන් ම පමණයි

මේකෙන් මේ රටේ දෙමළ භාෂාව කතාකරන 25%ක් පමණ වන ජනතාවකට වෙන්නේ බරපතළ අසාධාරණයක්. ආපදාවෙන් බැට කනවට අමතරව ඒ මිනිස්සුන්ට තමන් කතා කරන භාෂාව නිසා තවත් ආපදාවකට ලක් වෙන්න වෙලා. මේකට ආසන්නම උදහරණයක් තමයි පසුගිය දවසේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාව. ඒ කතාව දෙමළ භාෂාවෙන් පරිවර්තනය කරන්නවත් ආණ්ඩුව කටයුතු කළේ නෑ. ඒක බරපතළ වැරද්දක්. මේ වැරද්ද වෙන ආණ්ඩුවක් අතින් වුණා නම් අපිට හිත හදාගන්නවත් තිබුණා. මොකද ඒ සියලු ආණ්ඩුවලට තියෙන්නේ අන්ත ජාතිවාදී ප්‍රවේශයන්. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවෙම ඒ ජාතිවාදී කල්ලිවල දූෂිත පාලනයට එරෙහිව.

තවමත් 'සිංහල පමණයි' ද...?

ඡන්දෙට කලින් මාලිමා කණ්ඩායම යාපනේට ගිහිල්ලා මැතිවරණ වේදිකාවල සමාන අයිතිවාසිකම් ගැන කතන්දර ගොඩක් කිව්වා. හැබැයි දැන් ඒ සියල්ල අමතක කරලා මේ ආණ්ඩුවත් පරණ පාරෙම යන්න පටන් අරගෙන. තවමත් රටක් විදිහට අපි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ දී අනුගමනය කරමින් ඉන්නේ 'සිංහල පමණයි' කියන 1956 බණ්ඩාරනායක ගේ ආණ්ඩුවේ භාෂා ප්‍රතිපත්තිය ද කියන ප්‍රශ්නය අපි මේ වෙලාවේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි. අපි දන්නවා ඒ විනාශකාරී භාෂා ප්‍රතිපත්තිය අන්තිමේට මේ රට දශක තුනක යුද්ධයක් දක්වා ඇදගෙන ගියා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. විශේෂයෙන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාවත් විශාල කාර්‍යභාරයක් කළා. ඒ නිසා ආණ්ඩුවට පුළුවන් කමක් නෑ ඒ ජනතාව නොසලකා කටයුතු කරන්න. ඒ නිසා දැන්වත් මේ සිදු වූ වැරද්ද පිළිඅරගෙන ඒක නිවැරදි කරන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාටත් ජාතික ජන බලවේග ආණ්ඩුවටත් ඉදිරිපත් කරනවා. "

IMG 20251215 WA0018

IMG 20251215 WA0019

IMG 20251215 WA0020

IMG 20251215 WA0021

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමා ආණ්ඩුවත් දෙමළ භාෂාව නොසලකා හරිමින් කටයුතු කරනවා - තැන්නේ ඤාණානන්ද හිමි | The Leader