The Leader News
BREAKING
Top Ad
පුවත්

උතුරත් දකුණත් යා කරන ජනමාධ්‍ය සිහිවටනාගාරයක් කිලිනොච්චියේදී විවෘත වේ

T

The Leader Desk

December 15, 2025 • 4:38 PM

උතුරත් දකුණත් යා කරන ජනමාධ්‍ය සිහිවටනාගාරයක් කිලිනොච්චියේදී විවෘත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිහිවටනාගාරයක් IBC නාලිකාවේ අධිපති කන්දයියා බාස්කරන්ගේ අනුග්‍රහයෙන් ඔහුට අයත් කිලිනොච්චිය, අයියකච්චි ප්‍රදේශයේ පිහිටි රීචා පාර්ක් ඇන්ඩ් රිසොර්ට් හි (Ree Chaa Park) අයත් පරිශ්‍රයේ පසුගියදා විවෘත කෙරුණි.
  • ගෝපාල රත්නම් යන මාධ්‍යවේදීන් සිහිපත් කරමින් සැමරුම පැවැත්විණි.
  • එහිදි උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් සියල්ලන්වම එකම ස්ථානයක මෙසේ සැමරුම් ඉදිකිරීම ඉතා අගය කරන බව අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ සිය කතාවේදී සදහන් කරන ලදි.
  • තවද දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් ආරියනෙත්තීරන් ඇතුළු ද්‍රවිඩ මාධ්‍යවේදීන් පිරසක්ද මෙහිදි අදහස් දක්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

 සිහිවටනාගාරයක් IBC නාලිකාවේ අධිපති කන්දයියා බාස්කරන්ගේ අනුග්‍රහයෙන් ඔහුට අයත් කිලිනොච්චිය, අයියකච්චි ප්‍රදේශයේ පිහිටි රීචා පාර්ක් ඇන්ඩ් රිසොර්ට් හි (Ree Chaa Park) අයත් පරිශ්‍රයේ පසුගියදා විවෘත කෙරුණි.  

එමෙන්ම දකුණේ ද මරා දැමූ සහ අතුරුදන්  මාධ්‍යවේදීන් වන පුවත්පත් කර්තෘ  ලසන්ත වික්‍රමතුංග, පුවත්පත් කර්තෘ ප්‍රගීත් එක්නැලිගොඩ, මාධ්‍යවේදී රිචඩ් ද  සොයිසාගේ හා මියගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන වන පුවත්පත් කර්තෘ වික්ටර් අයිවන් වැනි අයගේ පිළිරූද එම සිහිවටනාගාරය තුල ද්‍රවිඩ මාධයවේදීන්ට සමගාමීව ඉදිකර තිබීම විශේෂිතය.

IBC
මෙම සැමරුම් උත්සවය සදහා උතුරු නැගෙනහිර මාධ්‍ය වේදින් මෙන්ම කොළඹ සිට දකුණේ මාධ්‍යවේදින් නියෝජනය කරමින් කණ්ඩායමක් සම්බන්ධවිය. මෙහිදී දෙමළ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුද අදහස් දැක්විය. ඒ අතර මාධ්‍යවේදින් සිදු කරන මෙහෙය අගය කරමින් මෙම ස්මාරකය විවෘත කිරිමේ අවස්ථාවට සම්බන්ධ වු සියළුම මාධ්‍යවේදින්ට එහිදි  සමරු සිහිවටනයක්ද පිරිනමන ලදි.

එහිදී සෝපනා ධර්මරාජාල පුන්නියමූර්ති සත්‍යමූර්ති, රිචර්ඩ් ඩී සොයිසා, ධර්මරත්නම් සිවරාම්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, මයිල්වාගනම් නිමලරාජන්, වෛද්‍ය නමසිවායම් සතියමූර්ති, කලාසූරි ඊ සිවක්‍රාණාථන්, ජයත්තුරෙයි නදෙස්සන්, වික්ටර් අයිවන්, සී සිවඥාන සුන්දරම්, ආනන්ති සූරිය ප්‍රකාෂම්, එස් ඩී සිවනායගම්, සුබ්‍රමණියම් සුගිර්තරාජන්, එස්. එම්. ගෝපාල රත්නම් යන මාධ්‍යවේදීන් සිහිපත් කරමින් සැමරුම පැවැත්විණි. ඔවුන් වෙනුවෙන් උඩුකය සහිත ජීවමාන සේ සැකසු පිළිරූ එම සැමරුම් මැදුරේ තැන්පත් කර තිබුණි.

එහිදි  උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් සියල්ලන්වම එකම ස්ථානයක මෙසේ සැමරුම් ඉදිකිරීම ඉතා අගය කරන බව අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා  එක්නැලිගොඩ සිය කතාවේදී සදහන් කරන ලදි.

තවද උතුර, දකූණ, නැගෙනහිර, බටහිර යනුවෙන් නොබෙදී රටේ සියලුම මාධ්‍යවේදීන් එකට එක්ව මිය මරාදැමූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමේ යන්ත්‍රණයක් වෙනුවෙන් රජයට බල කළ යුතු බවත් මොන යම් හෝ රජයක් මාධ්‍ය මර්ධනයක් සිදු කරන්නේ නම් එකට එක් වී එකාවන්ව එයට අප මුහුණ දිය යුතු බවත් ප්‍රකාශ කරමින් ‘‘ජනමාධ්‍ය සාමුහිකය’’ මාධය සංවිධානයේ සභාපති හා ‘‘ජනමාධ්‍ය සමාජය’’ ඒකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැදවුම්කරු මාධ්‍යවේදි තිළිණ අලහකෝන් ද මෙහිදී අදහස් දැක්වීය. තවද දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් ආරියනෙත්තීරන් ඇතුළු ද්‍රවිඩ මාධ්‍යවේදීන් පිරසක්ද මෙහිදි අදහස් දක්වන ලදී.

(සේයාරූ හා සටහන |  දර්ශාන් කානිල් ප්‍රනාන්දු)

IBC 0001

IBC 0002

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරත් දකුණත් යා කරන ජනමාධ්‍ය සිහිවටනාගාරයක් කිලිනොච්චියේදී විවෘත වේ | The Leader