අනුර කුමාර දිසානායක ජනාධිපති උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
ඔහු එබව කියා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී ය.
මෙරට විගණකාධිපති තනතුර මෙම වසරේ අප්‍රේල් මස 8 වැනිදා හිස්වූ පසු ජනාධිපති අනුර කුමාර දිසානායකට අද වනතුරු සුදුසු නව විගණකාධිපතිවරයකු පත්කිරීමට නොහැකි වී ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එම කනතුරට සුදුසු නිලධාරීන් සිටියදී ප්‍රමාදයට හේතුව කුමක්ද යන කාරණය ඉතාම බැරැරුම් එකක් බවත් ඔහු කීය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආණ්ඩුවක් කළ විශාලතම වංචාව වරායේ කන්ටේනර් 323 ක් හොරෙන් එළියට දැමු සිදුවීම සහ විගණකාධිපතිවරයා පත්කීරිමට දරණ උත්සහය පිටුපස යම්කිසි සහසම්බන්ධයක් තිබෙනවාද කියන සැකය මතුවන බව කී සාගර කාරියවසම්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ හිතවතෙක් විගණකාධිපතිවරයා ලෙස පත්කරගැනීමට සූදානම් වන්නේ මුදල් ඇමතිවරයා හැටියට ඔහු යටතේ තිබෙන රේගුව කළ මහා වංචනික ක්‍රියාව යටගහන්නද? නැතිනම් මේ වංචනික ක්‍රියාව සාධාරණිකරණය කරන්න ඔහුට හිතවත් විගණකාධිපතිවරයෙක් පත්කිරීමට උත්සහ දරනවාද යන ප්‍රශ්නය මතුවන බව ද සඳහන් කළේය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මේ වන විට කීපවතාවක් වැඩබලන විගණකාධිපතිවරයා හැටියට පත්කර ඇති බවත් ඔහු වැඩබලන විගණකාධිපතිවරයා හැටියට හොඳින් කටයුතු කර තිබෙන අතර එහෙම තත්වයක් යටතෙ තමන්ට හිතවත් පුද්ගලයෙක් මෙන්ම සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පිටින් ගෙනත් විගණකාධිපති තනතුරේ වාඩි කිරීමට උත්සහ කරන බවත් ඔහු කීය.
මහා කන්ටේනර් වංචාව විගණකාධිපතිවරයා ලවා සාධාරණිකරණය කරගන්නද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවට ඇති වී තිබෙන අතර ඒ නිසා මාස අට වැඩි කාලයක් රටේ ජනාධිපතිවරයාට විගණකාධිපතිවරයෙක් පත්කරන්න හැකියාවක් නැති වෙනවා කියන කාරණය සාධාරණ නොවන බව කී කාරියවසම් පැවසුවේ ඔබතුමාට හිතවත් විගණකාධිපතිවරු පත්කරගෙන මේ රටේ කරන වංචා වසන්න උත්සහ කරනවානම් ඔබතුමා මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ටකරන්නේ මේ ආකාරයටද යන ප්‍රශ්නය රටේ ජනතාවට ඇති වන බවත්ය.
එළියට පේන්නේ නැති වුණාට වැඩේ ලස්සනට යටින් ගානට යනවා කියන කාරණයක් ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍යවල යන ප්‍රසිද්ධ කියමනක් බවත් මෙය ජනතා විමුක්ති පෙරමුණ නඩත්තු කරන ගිණුම් තුළ නිරන්තරයෙන්ම පලකරන එක් කාරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
(lankadeepa | යොහාන් භාසුර)




