2025 වර්ෂයේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකා ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට ලැබී ඇති අතර, 2025 නොවැම්බර් මාසයේ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.
2024 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ ඇමරිකා ඩොලර් බිලියන 5.96 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේදී ප්‍රේෂණ ලැබීම් 20.1%කින් ඉහළ ගොස් තිබේ.
2024 වර්ෂයේ මෙරටට හිමිවූ විගමණික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 6.57 ක් වන අතර, මේ අනුව සැලකීමේදී 2025 වර්ෂය ඉතිහාසයේ ඉහළම ප්‍රේෂණ වාර්තා කළ වර්ෂය වනු ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රි ලාංකිකයන් 296,010 දෙනෙකු 2025 වසරේ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඊට පිරිමි ශ්‍රමිකයෝ 181,605 දෙනෙක් හා කාන්තාවෝ114,405 දෙනෙක් අයත් වෙති.
( lankadeepa | අංජුල මහික වීරරත්න)




