The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්ගේ වැඩතහනම්

T

The Leader Desk

December 16, 2025 • 10:30 AM

ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්ගේ වැඩතහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
  • ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කළේය.
  • එම අපරාධයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර පසුව ඇය සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්‍ෂි නැමැති මෙම සැකකාරියද ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුව දිවයිනට රැගෙන එනු ලැබීය.
  • ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කළේය.

එම අපරාධයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර පසුව ඇය සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්‍ෂි නැමැති මෙම සැකකාරියද ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුව දිවයිනට රැගෙන එනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දි  සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියි.

වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය 30 වනදා රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා උපසේවක රාජකාරී යෙදී සිටියදී අංක 03 සිර මැදිරියේ රඳවාසිටින නන්ද කුමාර් තක්ෂි නැමති සැකකාරියට බිස්කට් ලබාදෙන බවට හා ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරිය රඳවා සිටි සිරමැදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමඟ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

(adaderana)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...