The Leader News
BREAKING
Top Ad
පුවත්

රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක් !

T

The Leader Desk

December 16, 2025 • 10:59 AM

රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක් ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පාර්ශ්වවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බවය.
  • මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්." කෙසේවුවද මෙම සිද්ධියේදී පොලිසියේ හැසිරීම හා පොලිසිය බාර ඇමතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ලවෙමින් තිබේ.
  • ඒ පොලිසියේ ඉන්වෙන්ට්‍රිය චෙක්කරල පොලිස් කොමිසම අපිට කියන්න ඕන ඒව තිබ්බද නැද්ද කියල.
  • අනික එතන නැත්තං පැය 48ක් යනකන් හිටියෙ ඇයි ලේයි, චූයි ගන්න කියලත් කියන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පාර්ශ්වවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව අදාළ විමර්ශන සම්බන්ධයෙන්ද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ශනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්." 



කෙසේවුවද මෙම සිද්ධියේදී පොලිසියේ හැසිරීම හා පොලිසිය බාර ඇමතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ලවෙමින් තිබේ. ඒ අතර ආණ්ඩුවට පක්ෂපාතිව දිගින් දිගටම අදහස් දක්වන ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර තිබේ.

''පොලිස් ඇමති ඒ අස්සෙ කියනව පොලිසිවල Breathalyzers නැහැලු. ඒ පොලිසියේ ඉන්වෙන්ට්‍රිය චෙක්කරල පොලිස් කොමිසම අපිට කියන්න ඕන ඒව තිබ්බද නැද්ද කියල. මම දන්නව බ්‍රෙතලයිසර්ස් තිබ්බ කියල, අපෙත් යාලුවො ඉන්නවනෙ එතන. ඒත් ඒව නැත්තං වෙන ක්‍රම නැද්ද ඇල්කොහොල් ටෙස්ට් කරන්න! අනික එතන නැත්තං පැය 48ක් යනකන් හිටියෙ ඇයි ලේයි, චූයි ගන්න කියලත් කියන්න ඕන.

බ්ලඩි ජෝකර්ස්. අද ඉඳන් ඉතිං බ්‍රෙතලයිසර්ස් තමා කතාව. තව පීචං වෙනව.''

Screenshot

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...