The Leader News
BREAKING
Top Ad
පුවත්

අතට ඉතිරි වෙච්ච දේ දයාසිරි ලිපියකින් කියයි

T

The Leader Desk

December 16, 2025 • 2:46 PM

 අතට ඉතිරි වෙච්ච දේ දයාසිරි ලිපියකින් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.
  • ලිපියක් යොමුකරමින් දයාසිරි ජයසේකර ඒ බව සඳහන් කර ඇත.
  • ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත්ව යාමේදී පිහිටුවන ලද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු ලබා ගනිමින් සහ තනතුරු නොලබා විපක්ෂ හිඳිමින් එම නව දෙනා ආණ්ඩුවට සහයෝගය දීමද මෙම බරපතළ ඛේදවාචකයට හේතු වූ බව ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ලිපියක් යොමුකරමින් දයාසිරි ජයසේකර ඒ බව සඳහන් කර ඇත.

මේ අර්බුදය ආරම්භ වන්නේ 2022 මැයි මාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයත් සමග බව පවසන ජයසේකර මහතා, එම තීන්දුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කළ අතර සම්මත කළ අතර ඊට පිටුපා නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, සුරේන් රාගවන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉතා අමාරුවෙන් තෝර තෝරාගන්නා ලද 2020 පාර්ලිමේන්තුවේ දාහතර දෙනාගෙන් නව දෙනකු පක්ෂය ගත් තීන්දුවට එරෙහිව යමින් තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් පක්ෂයේ බාවාදී අමාත්‍ය ධුර භාර ගැනීම තුළ පක්ෂය විශාල අර්බුදයකට ලක් වූ බවද හෙතෙම කියා සිටියි.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත්ව යාමේදී පිහිටුවන ලද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු ලබා ගනිමින් සහ තනතුරු නොලබා විපක්ෂ හිඳිමින් එම නව දෙනා ආණ්ඩුවට සහයෝගය දීමද මෙම බරපතළ ඛේදවාචකයට හේතු වූ බව ඔහු පවසයි.

පසුගිය අවුරුදු දෙක තුළ මෙම සියලු දෙනා විසින් පක්ෂයේ අභිවෘද්ධිය සඳහා කළ එකදු ක්‍රියාකාරකමක් හෝ තිබේදැයි පරීක්ෂා කළ යුතු බව පවසන දෑසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබූ ගාමීය මට්ටමේ ශාඛා සමිති කාන්තා සමිති තරුණ සමිති කිසිවක් නැවත ප්‍රතිෂ්ඨාපනය කර නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියි..  

පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර යොමුකළ සම්පූර්ණ ලිපිය මතු පළවේ.,

cghrtyrty

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අතට ඉතිරි වෙච්ච දේ දයාසිරි ලිපියකින් කියයි | The Leader