The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා තත්ත්ව හඳුනාගැනීමට සහ ඒවායේ දී නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම ජනතාවට ලබා දිය යුතු යි - භද්‍රා කමලදාස

T

The Leader Desk

December 17, 2025 • 7:55 AM

ආපදා තත්ත්ව හඳුනාගැනීමට සහ ඒවායේ දී නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම ජනතාවට ලබා දිය යුතු යි - භද්‍රා කමලදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (16) ජනතා වෘත්තික මධ්‍යස්ථානය සංවිධානය කළ, කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති "දිට්වා ව්‍යසනයේ පාඩම් සහ අභියෝග" යන මැයෙන් වූ සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.
  • දැන් ලංකාවේ යම් යම් පැතිවලට ගංවතුර නිසා ඇතිවන තර්ජන ඉහළ ගිහිල්ලා තියනවා.
  • එවැනි තත්වයක් ඇතිවෙන්න හේතු අපි නිවැරදිව හඳුනගන්න ඕන.
  • උදහරණයක් විදිහට යම් ජලාශයක වේල්ලක් ගත්තම ඒ වේල්ල යම් අවස්ථාව කඩාගෙන යන අවදානමක් ආවොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාරග මොනවද කියලා කලින් සැලසුම් කරන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (16) ජනතා වෘත්තික මධ්‍යස්ථානය සංවිධානය කළ, කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති "දිට්වා ව්‍යසනයේ පාඩම් සහ අභියෝග" යන මැයෙන් වූ සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ භද්‍රා කමලදාස...

ගංවතුරට සහ වැස්සට ඔරොත්තු දෙන මට්ටමේ කානු පද්ධතියක් රටට අවශ්‍යයි
 

"අපි දන්නවා දිට්වා ව්‍යසනය නිසා අපේ රටේ ජල ක්ෂේත්‍රයට විශාල හානියක් වුණා. දැන් ලංකාවේ යම් යම් පැතිවලට ගංවතුර නිසා ඇතිවන තර්ජන ඉහළ ගිහිල්ලා තියනවා. එවැනි තත්වයක් ඇතිවෙන්න හේතු අපි නිවැරදිව හඳුනගන්න ඕන. කොළඹ නගරය දැන් ගංවතුර අවදානම අඩුවෙලා තියෙන්නේ කැලණි ගඟ ආශ්‍රිතව අපි ඉදිකරලා තියන ගංවතුර පාලන වේල්ල නිසා. අපිට එවැනි කටයුතු තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාව තියනවා.

අනිත් එක තමයි රටේ කාණු පද්ධතිය දැන්වත් විධිමත්ව සැලසුම් කරන්න ඕන. ගංවතුරට සහ වැස්සට ඔරොත්තු දෙන මට්ටමේ කානු පද්ධතියක් රටට අවශ්‍යයි. අනිත් වැදගත්ම දෙයක් තමයි අවදානම් කලාපවලින් පුළුවන් තරම් ජනතාව ඈත් කරලා තියන එක. අපි ව්‍යසනයෙන් පස්සෙවත් අපදා තත්වයක් කළමනාකරණය සඳහා කලින් සැලැසුමක් සකස් කරන්න අවශ්‍යයි. උදහරණයක් විදිහට යම් ජලාශයක වේල්ලක් ගත්තම ඒ වේල්ල යම් අවස්ථාව කඩාගෙන යන අවදානමක් ආවොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාරග මොනවද කියලා කලින් සැලසුම් කරන්න ඕන. අපිට එහෙම සැලසුමක් නොතිබීමත් මේ ව්‍යසනයේ හානිය වැඩි වෙන්න බලපෑවා.

ඒ ඒ ප්‍රදේශවලින් ජනතාව ඉක්මනින් ඉවත් කළ හැකි වැඩපිළිවෙළක් අවශ්‍ය යි
          

දැනට අපේ රටේ මෙවැනි අවදානමක් කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තාක්ෂණයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. මොකද දැනටමත් අපිට හැකියාවක් තියනවා මේ වෙලාවට මෙච්චර මට්ටමකින් මේ ප්‍රදේශයට ගංවතුර එන්න පුළුවන් කියලා මුලින් අනාවැකි ප්‍රකාශ කරන්න. ඒ නිසා මෙතනදි අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රදේශවලින් ජනතාව ඉක්මනින් ඉවත් කළ හැකි වැඩපිළිවෙළක්. මෙතන අඩුව වුනේ අන්න ඒ වැඩපිළිවෙළ නොමැතිකම.

අපි හිතනවා මෙවැනි ව්‍යසන සහ එයින් ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් ජනතාවට පූර්ව දැනුවත් කිරීමක් අවශ්‍යයි. අද වෙලා තියෙන්නේ ක්ෂේත්‍රයේ අය විතරයි මේවා ගැන කතාවෙන්නේ. සාමාන්‍යෙ ජනතාවට මේ කතා යන්නේ නැහැ. ඒ නිසා දැන්වත් හදිසි ආපදා තත්වයන් හඳුනාගැනීමට සහ ඒවායේ දී නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම අපි රටක් විදිහට ජනතාවට ලබා දිය යුතුයි. විශේෂයෙන්ම මේ සඳහා ඉක්මන් මැදිහත් වීමක් රජය පැත්තෙන් වෙන්න ඕන."

ජනතා වෘත්තික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 'දිට්වා ව්‍යසනයේ පාඩම් හා අභියෝග' සංවාදශීලි සම්මන්ත්‍රණයෙදී  හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල්, හිටපු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය කිත්සිරි දිසානායක, හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු භද්‍රා කමලදාස, වෛද්‍ය ගිශාන්ත දසනායක අදහස් දැක්විය.

මෙහෙයවීම හිටපු අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ගාමිණී සිසිර කුමාර විසින් සිදුකරනු ලැබිය.

Conference

conference 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...