The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් නිලධාරියකු සිවිල් ඇඳුමින් කරන ක්‍රියාවන්හි වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

T

The Leader Desk

December 17, 2025 • 9:33 AM

පොලිස් නිලධාරියකු සිවිල් ඇඳුමින් කරන ක්‍රියාවන්හි වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙත්සම්කරුවන් කියා ඇත්තේ 2019 වසරේ පෙබරවාරි මස 10 වනදා මිනුවන්ගොඩ පිහිටි හෝටලය අසල රිය අනතුරක් සිදුවී තිබෙනු තමන් දුටු බවත් එම ස්ථානය අසලට යන අවස්ථාවේදී වැටී සිටි පුද්ගලයෙකු "වෙඩි තියන්න එපා" යනුවෙන් කෑ ගසනු තමන්ට ඇසුනු බවය.
  • එම ස්ථානයට ගිය විට සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයකු සිටි බවත් මෙම පුද්ගලයා පොලිස් නිලධාරිකු වශයෙන් තමන් හඳුනාගත් බව සඳහන් කළ පෙත්සම්කරුවන් එම පුද්ගලයා මෙම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු වශයෙන් නම්කර ඇති කටුනායක පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයෙකු බවත් ප්‍රකාශ කර තිබේ.
  • පසුව තමන් සිදුවූ දේ පිළිබඳ විමසූ විට එම වගඋත්තරකරු තම ගිනිඅවියෙන් පහර දීම නිසා පළමුවන පෙත්සම්කාර ටයිටස් කුමාර නැමැත්තා බිම ඇද වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසේ පිටුපස කොටසේ සහ තොල්වලට තුවාල සිදුවී ඇති බවය.
  • අනෙක් පුද්ගලයාට ද වග උත්තරකරු විසින් පහරදී ඇති අතර මෙම පහරදීම් හේතුවෙන් පෙත්සම්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කටුනායක පොලීසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක්කළ බව සඳහන් කරමින් වාගොව්ව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා ඇත්තේ 2019 වසරේ පෙබරවාරි මස 10 වනදා මිනුවන්ගොඩ පිහිටි හෝටලය අසල රිය අනතුරක් සිදුවී තිබෙනු තමන් දුටු බවත් එම ස්ථානය අසලට යන අවස්ථාවේදී වැටී සිටි පුද්ගලයෙකු "වෙඩි තියන්න එපා" යනුවෙන් කෑ ගසනු තමන්ට ඇසුනු බවය.

එම ස්ථානයට ගිය විට සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයකු සිටි බවත් මෙම පුද්ගලයා පොලිස් නිලධාරිකු වශයෙන් තමන් හඳුනාගත් බව සඳහන් කළ පෙත්සම්කරුවන්  එම පුද්ගලයා මෙම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු වශයෙන් නම්කර ඇති කටුනායක පොලිසියේ සේවය කළ  කොස්තාපල්වරයෙකු බවත්  ප්‍රකාශ කර තිබේ.

පසුව තමන් සිදුවූ දේ පිළිබඳ විමසූ විට එම වගඋත්තරකරු තම ගිනිඅවියෙන් පහර දීම නිසා පළමුවන පෙත්සම්කාර ටයිටස් කුමාර නැමැත්තා බිම ඇද වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසේ පිටුපස කොටසේ සහ තොල්වලට තුවාල සිදුවී ඇති බවය.

අනෙක් පුද්ගලයාට ද වග උත්තරකරු විසින් පහරදී ඇති අතර මෙම පහරදීම් හේතුවෙන් පෙත්සම්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්ය.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

 

නඩු විභාගය පැවති අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම ක්‍රියාව සිදුවන අවස්ථාවේදී පළමුවන වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බවත් එම නිසා ඔහු පොලිස් නිලධාරියකු වශයෙන් පෙත්සම්කරුවන් හඳුනාගත්තේ කෙසේද? යන බරපතළ සැකයක් මතුවන බව සඳහන් කර සිටියාය. එම නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටි මේ පුද්ගලයා සිදුකළ ක්‍රියාවේ වගකීම රජයට දැරිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

 

ඒ අනුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

පෙත්සම්කරුවන්ට වන්දි ගෙවිය යුතු බවට නියෝග

එහෙත් සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙසේ සඳහන් කළේය.

" රජයේ නීතිඥවරිය විසින් මතු කළ තර්කය අධිකරණය බැහැර කරනවා. පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ සෑම පොලිස් නිලධාරියෙකුම සෑම විටම රාජකාරියේ යෙදී සිටින පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව  සඳහන්ව තිබෙනවා. එමෙන්ම ඔහු විසින් භාවිත කළ ගිනි අවිය කටුනායක පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවියක් බවටත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව තමන් පොලිස් නිලධාරියකු බව ඔහු පෙත්සම්කරුවන්ට සඳහන් කර තිබෙනවා. ඔහුගේ හැඳුනුම්පතත් පෙන්වා තිබෙනවා. එම නිසා පෙත්සම්කරුවන් මෙම වග උත්තරකරු පොලිස් නිලධාරියෙකු ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු සැකයක් මතු වෙන්නේ නැහැ. මෙම පෙත්සංකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී ඔවුන් පහරදීම නිසා තුවාල වලට ලක්වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා තමන් වෙත පැවරී තිබෙන බලය අවභාවිතා කර තිබෙන බව පැහැදිලියි. ඒ නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටියත් ඔහු කළ ක්‍රියාවේ වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි. පළමු වන වගඋත්තරකරු මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්ව විදේශගතව සිටින බවට විභාගයේදී කරුණු අනාවරණය වුණා. එහෙත් ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් රජය වගකීමට බැඳී සිටියි" යනුවෙන්  ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම පෙත්සම්කරුවන්ට සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ඔවුන්ට රුපියල් 10000/- බැගින් වන්දි ගෙවිය යුතු බවටත් නියෝග කළේය.

එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

මුලාශ්‍රය | adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් නිලධාරියකු සිවිල් ඇඳුමින් කරන ක්‍රියාවන්හි වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් | The Leader