The Leader News
BREAKING
Top Ad
පුවත්

මොහිදින් බෙග්ගේ ගීත නමයකට වාරණ නියෝගයක්

T

The Leader Desk

December 17, 2025 • 5:16 PM

මොහිදින් බෙග්ගේ ගීත නමයකට වාරණ නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ගීතවල පටිගත කිරිමේ සහ නිෂ්පාදනය කිරීමේ බුද්ධිමය දේපළ හිමිකම පවතින කලාශුරි මොහිදින් බෙග්ගේ පුත් මොහිදින් ඉල්ලියාස් බෙග් විසින් මෙම නඩුව එම්.
  • Entertainment (Pvt) limited සමාගමට එරෙහිව නිකුත් කර ඇත.
  • තවද, එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත පැවරිම, විකිණිම හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිම ඇතුළු ක්‍රියාවන්ද මහාධිකරණය විසින් වාරණය කර තිබේ.
  • පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සදහන් කර සිටියේ, එකී කලාශුරි මොහිදින් බෙග්ගේ ගීත සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත්, විත්තිකාර M.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, සකල සතම බොදු බැතියෙන්, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, සුවදේ මට සීතල සුළග පවා, සම්මා සම්බුදු වු, මල් සුගන්දේ දම් සුගන්දේ, බුදුන්ගේ අමා ධර්මේ, නින්දා ප්‍රශංසා, සරවන බව, අනේක ජාති සංසාරේ” යන ගීත යුටියුබ් වේදිකාවේ ප්‍රචාරණය කිරිම සහ වෙනත් තුන්වැනි පාර්ශවයන් වෙත පැවරීම අධිකරණය විසින් වාරණය කරනු ලැබීය.

මෙම ගීතවල පටිගත කිරිමේ සහ නිෂ්පාදනය කිරීමේ බුද්ධිමය දේපළ හිමිකම පවතින කලාශුරි මොහිදින් බෙග්ගේ පුත් මොහිදින් ඉල්ලියාස් බෙග් විසින් මෙම නඩුව එම්. එන්ටර්ටෙන්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගමට එරෙහිව ගොනුකර තිබේ.

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝගය M. Entertainment (Pvt) limited සමාගමට එරෙහිව නිකුත් කර ඇත.

තවද, එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත පැවරිම, විකිණිම හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිම ඇතුළු ක්‍රියාවන්ද මහාධිකරණය විසින් වාරණය කර තිබේ.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සදහන් කර සිටියේ, එකී කලාශුරි මොහිදින් බෙග්ගේ ගීත සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත්, විත්තිකාර M. Entertainment සමාගම විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

පැමිණිලිකාර මොහිදින් ඉල්ලියාස් බෙග් වෙනුවෙන් නීතිඥ තිළිණි හේවාවිතාරණගේ උපදෙස් මත නඩුව සඳහා නීතිඥ සදුන් සේනාධිපති පෙනීසිටියේය.

මෙම නඩුව නැවත මේ මස 31 වැනි දිනට කැදවීමට අධිකරණය නියම කරනු ලැබීය.

(ceylonwire)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මොහිදින් බෙග්ගේ ගීත නමයකට වාරණ නියෝගයක් | The Leader