The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රශ්නගත එන්නත ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් !

T

The Leader Desk

December 17, 2025 • 5:43 PM

 ප්‍රශ්නගත එන්නත ගැන  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළවී ඇති මාධ්‍ය වාර්තාවලට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
  • මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියේ, රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි.
  • ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය මුල්කරගෙන ජනතාව නොමග යවන පුවත් නිර්මාණය කර ප්‍රචාරයන් සිදුකරන බවය.
  • යන්න පිළිබදව විමසා බැලිය යුතු බවත් ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළවී ඇති මාධ්‍ය වාර්තාවලට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ සී. වීරසිංහ අදහස් ඉදැක්විය.


එම එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදුවූ යම් දෝෂයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත එම ඖෂධය මෙරට භාවිතයෙන් තාවකාලිව අත්හිටුවීටට මේවන විට පියවර ගෙන ඇති අතර ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් සමාගම මගින් නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල්තුළ භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.


මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියේ, රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී   අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි. පුහුණු, පලපුරුදු කාර්ය මණ්ඩලයක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කරන බවත්, මෙම රෝගීන් දෙදෙනො මියයාමට හේතුව මෙම ඖෂධය ද යන්න මේවන තුරු නිශ්චය කර නොමැති බවත්, මේවන විට ඊට අඳාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පරීක්ෂණ දෙකක් පවත්වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය මුල්කරගෙන ජනතාව නොමග යවන පුවත් නිර්මාණය කර ප්‍රචාරයන් සිදුකරන බවය. මීට අඳාළව නිරීක්ෂණයන්, පරීක්ෂණයන් සිදුකරමින් සිටින වේලාවක ජාතික පුවත්පතක පවා එම ඖෂධයෙන් රෝගීන් දෙදෙනෙකු මියගියා යැයි නිගමනවලට එළැඔ ප්‍රචාරයන් සිදුකරන්නේ කෙසේද ? යන්න පිළිබදව විමසා බැලිය යුතු බවත් ඔහු පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම ආනයනික සැපයුමක් බවය.


2021 වර්ෂයේ ලබාදුන් ඇණවුම අඳාළ 2022 වර්ෂයේ  ඇණවුම සහ 2025 වර්ෂයට අඳාල 2024 වර්ෂයේ ඇණවුම තුළින් මෙම ඖෂධ ලැබුණු බවත්, මෙම ඖෂධ ඇණවුමට අඳාළව ඖෂධ 1450000 (දාහතර ලක්ෂ පනස්දහසක්) මෙරටට ලැබුණු බවත්, ඖෂධ ගැටලුව ඇතිවන අවස්ථාව වනවිට භාවිතයෙන් පසු ඉතිරිව තිබූ ඖෂධ 85000 (අසූපන්දහසක්) තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත් පැවසීය.


ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ සී. වීරසිංහ මෙම ඖෂධය නියමිත මාර්ගෝපදේශයන්ට සහ අඳාළ ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අඳාළව මෙරටට ගෙනඑන ලද බවත්, එම ගෙනඑන ලද ඖෂධ තොගයෙන් මේවන විට විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සේවාවන් සදහා භාවිතයට ගෙන තිබෙන බවත් පැවසීය.

මෙම ඖෂධයට අඳාළ ලබන වර්ෂයේ ඇණවුම අඳාළ වෙනත් සමාගමක් මගින් ලබා ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ද මෙම මාධ්‍ය හමුව සදහා එක්විය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...