ශ්‍රි ලංකා යුධ හමුදාවේ විගණන නිලධාරීය වන ඕ . ආර්. රණසිංහගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අද (17) පස්වරුවේ ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 4 ක් ලැබී ඇති අතර ස්වාධින නියෝජිතයින් තිදෙනා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා එම යෝජනාවට එරෙහිව ඡන්ද ලබා දී තිබේ.
මේ අනුව ජනාධිපතිවරයා විසින් වරින් වර නම් කරන ලද පුද්ගලයන් තිදෙනාට ම එරෙහිව ඉදිරිපත් වූ අක්‍රමිකතා චෝදනා, වෘත්තීමය නුසුදුකම් ආදිය මත ඔවුන්ව විගණකාධිපති තනතුර සඳහා පත් නොකිරීමේ තීන්දුව ව්‍යවස්ථාදායක සභාව විසින් ගෙන ඇත.
පෙට්‍රෝලියම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ එච්.ටී.පී. චන්දන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය සහ යුධ හමුදාවේ විගණන නිලධාරී ඔ් ආර් රණසිංහ මේ අනුව ප්‍රතික්ෂේප වී තිබේ.
මේ වන විට මාස 8 කට ආසන්න කාලයක් පුරා ස්ථිර විගණකාධිපතිවරයෙක් රටේ නොමැත.




