මේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසේ.
එම අලියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට නියමිතව ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කිසියම් පිරිසක් විසින් සීප්පුකුලම අඹගහවෙලදී එම සත්ත්වයාට ගිනි තබා ඇති අතර පෙරේදා (දෙසැ. 16) උදෑසන වන විට ඒ ආසන්න පෞද්ගලික ඉඩමක අසාධ්‍ය තත්ත්වයෙන් වැතිරී සිටිනු දක්නට ලැබිණි.
එම අලියාගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබී ඇති අතර ඉදිරිපස එක් කකුලක් වෙඩි වැදීමෙන් වූ තුවාලයක් හේතුවෙන් ආබාධිතව පැවති බව පැවසේ.
අනුරාධපුර වන අඩවි ඒකකයේ සහ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ මැදිහත් වීමෙන් ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙන අතරතුර සත්වයා මරණයට පත්විය.




