The Leader News
BREAKING
Top Ad
පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් ජවිපෙ ලේකම් හමුවෙයි

T

The Leader Desk

December 25, 2025 • 4:37 AM

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් ජවිපෙ ලේකම් හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම හමුවේදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහායසය, රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
  • ජනාධිපති අනුර දිසානායකගේ චීන සංචාරය හා සමගාමීව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් අනුව 2025 වර්ෂයේදී සිදු කරන ලද සහයෝගීතා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.
  • එවැනි උපකාර ඉදිරියටත් කිරීමට බලාපොරොත්තුවන බව Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng සඳහන් ඇත.
  • මේ දිනවල චීනය තුළ විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනෙන 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන්ද මෙහිදී Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin ඇතුළු දූත පිරිසක් එක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

මෙම හමුවේදී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහායසය, රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ. ජනාධිපති අනුර දිසානායකගේ චීන සංචාරය හා සමගාමීව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් අනුව 2025 වර්ෂයේදී සිදු කරන ලද සහයෝගීතා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

 

දිත්වා සුළි කුණාටුව නිසා ලංකාවට සිදු වූ බලපෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජය ලබා දුන් ආධාර සහ උපකාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිය ස්තුතිය හා සතුට පල කර තිබේ.

එවැනි උපකාර ඉදිරියටත් කිරීමට බලාපොරොත්තුවන බව Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng සඳහන් ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 04වන පූර්ණ සැසිවාරය පිළිබඳවත් 20වන මධ්‍යම කාරක සභාවට සමගාමීව පෙරේදා (23) ලංකාවේ පැවති වැඩසටහන සාර්ථකව අවසන් වූ බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang  ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng සඳහන් කරන තිබේ.

මේ දිනවල චීනය තුළ විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනෙන 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන්ද මෙහිදී Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත.

ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වැඩිදුර මෙහිදී සාකච්ඡා කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...