The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිසිය යොදාගෙන ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන ආණ්ඩුවක් - සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

December 25, 2025 • 9:08 AM

පොලිසිය යොදාගෙන ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන ආණ්ඩුවක් - සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ වර්තමානයේ වත්මන් රජය ස්වාධීන මාධ්‍ය වෙත එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
  • ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත් එය උල්ලංඝණය කරන්න කටයුතු කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
  • තවද පොලිසියේ ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල කරන නිස අපක්ෂපාතීව සේවය කිරීමට නොහැකි වී ඇති බවත් දේශපාලන බලපෑමෙන් තොරව සේවය කරන්න නොහැකි වී ඇති බවත් කතා කිරීම අදහස් පළ කිරීමේ නිදහසට බලපෑම් කිරීම යනු ඒකාධිපති පාලනයකට රට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කර පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නට නම් මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මාධ්‍යයට තැන දිය යුතු බවත් මේ හරහා සංවරණ හා තුළන ක්‍රියාවලියට සවියක් වන නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කර පොලිසිය උපයෝගී කර ගෙන ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන්න යන බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ වර්තමානයේ වත්මන් රජය ස්වාධීන මාධ්‍ය වෙත එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුළුණු හතර වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය , අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුවත් මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ අයිතියත් උල්ලංඝණය කරමින් සිටින බව ද සජිත් ප්‍රේමදාස එහිදී පැවසිය.

 

ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත් එය උල්ලංඝණය කරන්න කටයුතු කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 

මෙරට නිහඬ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින් එය මර්දනය නොකළ යුතු බවත් මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අත පෙවීමක් බවත් ⁣ජනතාව ජන වරම දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට නොවන බවත් රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද පොලිසියේ ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල කරන නිස අපක්ෂපාතීව සේවය කිරීමට නොහැකි වී ඇති බවත් දේශපාලන බලපෑමෙන් තොරව සේවය කරන්න නොහැකි වී ඇති බවත් කතා කිරීම අදහස් පළ කිරීමේ නිදහසට බලපෑම් කිරීම යනු ඒකාධිපති පාලනයකට රට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

සත්‍යය හෙළිදරව් කිරීමේ අයිතිය මාධ්‍යයට ඇති බවත් එයට බලපැම් කිරීම යනු ලක්ෂ 220 ජනතාවගේ අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් මේ වන විට පළාත් පාලන ආයතනවල අයවැය ගැන මතය ප්‍රකාශ කිරිමේ ඉඩකඩ පවා උල්ලංඝණය කරමින් සිටින බවත් පළාත් පාලන ආයතනවල අයවැය ගැන පවා අදහස් පළ කිරීමට නොහැකි වී ඇති බවත් මීගමුවේ සහ හොරණ සිදු වුයේ එවැනි දෙයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසිය යොදාගෙන ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන ආණ්ඩුවක් - සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් | The Leader