The Leader News
BREAKING
Top Ad
පුවත්

ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම - අගරදගුරු හිමිපාණන්

T

The Leader Desk

December 25, 2025 • 9:56 AM

ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම - අගරදගුරු හිමිපාණන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සඳහා තමයි උන්වහන්සේ බිහි වුණේ.
  • අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව පැවසුයේ, නත්තල් දේව මෙහෙයට එක්වෙමිනි.
  • ඇයි, ස්වභාවධර්මය ආත්මාර්තකාමී ලෙස සමයර අය පාවිච්චි කරන නිසා.
  • එසේ පාවිච්චි කරන්නට දේශපාලන තලයේ ඇතැම් අය උදව් දුන්න නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සඳහා තමයි උන්වහන්සේ බිහි වුණේ. වග ලෙනක් තෝර ගත්තේ, දුප්පත දෙමාපියන් තෝර ගත්තේ, සමාජයේ නැති බැරි අය අතර ජනිත වුණේ. මෙන්ම මේ දේ පෙන්නුම් කරලා දෙන්න ඕනේ. මේ ජීවිතය තුල අපි ගොඩාක් වෙලාවට මේ ලෞකික ධනය ලෞකික බලය ලෞකික සම්පත්වල හිරකරුවන් වෙලා ජීවත් වෙනවා. බුදුන් වහන්සේ උගන්නපු ධර්මයේත් තියෙන්නේ අන්න ඒකයි. තන්හාව තමයි දුකට හේතුව. අපේ සමාජය පිරිසිදු කිරීමට නම් මේ තන්හාව නැතිකර යුතුයි," අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැවසුහ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව පැවසුයේ, නත්තල් දේව මෙහෙයට එක්වෙමිනි.

නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි.

"මේ ගංවතුරක් ඇවිල්ලා අපිට මහ විනාසයක් කළා සහෝදරවරුනි. ඇයි, ස්වභාවධර්මය ආත්මාර්තකාමී ලෙස සමයර අය පාවිච්චි කරන නිසා. එසේ පාවිච්චි කරන්නට දේශපාලන තලයේ ඇතැම් අය උදව් දුන්න නිසා. උදව් දෙන නිසා. පරිසර දුෂණය සහ මේ ආත්මාර්තකාමී පැවැත්ම කෑදරකම, මේ ධනය එකතුකර ගැනීමේ කෑදරකම මොකද මේ කිසිම දෙයක් අපිට අරංයන්න හම්බ වෙන්නේ නෑ. මැරෙන වෙලාවේදී සියල්ලම අතහැරදාලා යන්න වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දෙ න මේ පණිවිඩය අත්හැරීමේ වැදගත්කම, අනුන් ගැන සිතා ජීවත් වීමේ වැදගත්කම මේක තමයි ක්‍රිස්තු ධර්මය." යයි ද උන්වහන්සේ පැවසුහ.

නත්තල මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් නොවෙයි


වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත් එය එසේ නොවන බව සියලුදෙනා පැහැදිලිවම තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ පැවසුහ.

"නත්තල කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදියට මේ වෙළෙඳ ආර්ථිකය නත්තල කියන එක අපි හදලා තියෙන්නේ මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් විදියට පමණයි.  නත්තල වෙළෙඳ උත්සවයක් නොවන බව අපි පැහැදිලිවම තේරුම්ගත යුතුයි."

"නත්තලට වැදගත් වන්නේ නත්තල් ගසවත්, ගව ලෙනවත්, නත්තල් සීයාවත් නොවෙයි.  වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකක්ද අපිට පෙන්නලා දුන්නේ මොන මාර්ගයේද යන්න කියලා දුන්නේ අන්න ඒ මාර්ගයේ ගමන් කිරීමයි."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම - අගරදගුරු හිමිපාණන් | The Leader