The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණඩායමක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී

T

The Leader Desk

December 25, 2025 • 3:27 PM

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණඩායමක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිමාකර ඇත.
  • මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය, 2025 දෙසැම්බර් 15 දින සෙමියෝ ප්‍රදේශයේ සටන්කාරී තත්ත්වයකදී තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු හදිසියේ ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
  • එහිදී Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සෙමියෝ මෙහෙයුම් කඳවුරෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සතුරු මෙහෙයුම් ප්‍රදේශයක, ආරක්ෂක අවදානමක් පවතින අවස්ථාවක මෙම මෙහෙයුම සාර්ථකව නිම කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයට හැකි වි තිබේ.
  • මෙම මෙහෙයුමේදී ප්‍රධාන ගුවන් නියමුවා ලෙස වින්ග් කමාන්ඩර් නෙල්සන් ද සිල්වා කටයුතු කල අතර සහායක ගුවන් නියමුවා ලෙස ෆ්ලයිට් ලෙප්ටිනන් අරුනෝද ඒකනායක යන ගුවන් නියමුවන් කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙයුමක් (CASEVAC)  සාර්ථකව නිමාකර ඇත.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය, 2025 දෙසැම්බර් 15 දින සෙමියෝ ප්‍රදේශයේ සටන්කාරී තත්ත්වයකදී තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු හදිසියේ ඉවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සෙමියෝ මෙහෙයුම් කඳවුරෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සතුරු මෙහෙයුම් ප්‍රදේශයක, ආරක්ෂක අවදානමක් පවතින අවස්ථාවක මෙම මෙහෙයුම සාර්ථකව නිම කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයට හැකි වි තිබේ.

මෙම මෙහෙයුමේදී ප්‍රධාන ගුවන් නියමුවා ලෙස වින්ග් කමාන්ඩර් නෙල්සන් ද සිල්වා කටයුතු කල අතර සහායක ගුවන් නියමුවා ලෙස ෆ්ලයිට් ලෙප්ටිනන් අරුනෝද ඒකනායක යන ගුවන් නියමුවන් කටයුතු කර ඇත.

ගුවන් කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය කණ්ඩායම විසින් තුවාල ලැබූ නිලධාරීන් හට ගුවන් ගමන පුරා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙන අතර පැයයි මිනිත්තු 45ක ගුවන් ගමනකින් පසු තුවාල ලැබූ නිලධාරීන් ආරක්ෂිතව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ගුයි නගරය වෙත ප්‍රවාහනය සිදු ක තිබේ.

SLAF AVIATION UNIT SUCCESSFULLY CONDUCTS HIGH-RISK CASEVAC MISSION IN CENTRAL AFRICAN REPUBLIC


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...