The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවේ සැබෑ ස්වරූපය පෙන්වන්නට පටන් අරන් - ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

T

The Leader Desk

December 25, 2025 • 3:43 PM

 ආණ්ඩුවේ සැබෑ ස්වරූපය පෙන්වන්නට පටන් අරන් - ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
  • රජයට සම්බන්ධ පාර්ශ්වයක ගංජා වගාවක් පිළිබඳ අනාවරණය කළ පුවතක් පදනම් කර ගනිමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම සංගමයේ දැඩි පිළිකුලට ලක්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
  • සාවද්‍ය පුවත් පළවී ඇත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පිළිගත් නීතිමය ක්‍රමවේද තිබියදී, පොලිසිය මෙලෙස මැදිහත් වීම 'පොලිස් රාජ්‍යයක' ලක්ෂණයක් බවත් ඔවුහු සඳහන් කරයි.
  • ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගතවූ මාස 15 ක කාලය පිළිබඳ අදහස් දක්වමින් සංගමය කියා සිටින්නේ, මාධ්‍ය නිදහසේ 'බැටළු හම' පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සිය සැබෑ 'වෘක ස්වරූපය' පෙන්වමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

රජයට සම්බන්ධ පාර්ශ්වයක ගංජා වගාවක් පිළිබඳ අනාවරණය කළ පුවතක් පදනම් කර ගනිමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම සංගමයේ දැඩි පිළිකුලට ලක්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට හෙට (26) ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් අතර, මෙම ක්‍රියාවන් හුදෙක් සාක්ෂි ලබා ගැනීමක් නොව, රජයට හීලෑ කර ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සහ ආයතන ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති අනීතික මර්දනයක් බවයි එම සංගමය පෙන්වා දෙයි.

සාවද්‍ය පුවත් පළවී ඇත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පිළිගත් නීතිමය ක්‍රමවේද තිබියදී, පොලිසිය මෙලෙස මැදිහත් වීම 'පොලිස් රාජ්‍යයක' ලක්ෂණයක් බවත් ඔවුහු සඳහන් කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගතවූ මාස 15 ක කාලය පිළිබඳ අදහස් දක්වමින් සංගමය කියා සිටින්නේ, මාධ්‍ය නිදහසේ 'බැටළු හම' පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සිය සැබෑ 'වෘක ස්වරූපය' පෙන්වමින් සිටින බවයි.

භාෂණයේ නිදහස හකුළුවාලීමට ගන්නා මෙම නිර්ලජ්ජිත උත්සාහයන් වහා නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙළගැසෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එම සංගමය නිකුත් කළ නිවේදනය මතු පළවේ.

gsdste

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...