දැක්වෙන වීඩියොවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
වාර්තා වන අන්දමට, මෙම ගුරුවරයාට අයත් සුඛෝපභෝගී රථය පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබීම පිළිබඳව ඇතිවූ කතාබහක් මෙම ගැටුමට මුල් වී ඇත.
කෙසේවෙතත් එම තරුණයා වෙළඳසැලකින් පිටතට පැමිණෙන අවස්ථාවේදී මෙම ගුරුවරයා විසින් ඔහුට පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන එම වීඩියෝවෙහි දක්නට තිබේ.
පහරකෑමට ලක්වූ තරුණයා මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව පසුවේ.





