The Leader News
BREAKING
Top Ad
පුවත්

පළාත් පාලන ආයතනවල අය වැය පැරදීමෙන් ආණ්ඩුවේ බලය පිරීහිලා කියන්න බෑ - පැෆරල් කියයි!

T

The Leader Desk

December 25, 2025 • 4:15 PM

පළාත් පාලන ආයතනවල අය වැය පැරදීමෙන් ආණ්ඩුවේ  බලය පිරීහිලා කියන්න බෑ - පැෆරල් කියයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙනී යන්නේ එම පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා පත් කරගන්නා මොහොතේ ඇති වූ තත්ත්වයේම ප්‍රකාශනයක් බවත් ඉන් රජයේ දේශපාලන බලයේ අඩු වැඩිවීමක් පිළිබඳ අදහසක් පහළ නොවන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
  • මේ වනවිට අය-වැය පරාජයට පත්වන පළාත් පාලන ආයතනවල බලය පිහිටවූ පාර්ශවයන්ට එම බලය පිහිටවු අවස්ථාවේදීම තීරණාත්මක බහුතරයක් නොතිබුණු බව පෙන්වා දෙන රෝහණ හෙට්ටිආරච්චි, මේ ඇති වී තිබෙන්නේ අලුත් තත්ත්වයක් නොව මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඇතිවුන තත්ත්වයේම නැවත ප්‍රකාශනයක් බව පෙන්වා දෙයි.
  • එබැවින් මේ තත්ත්වයන් සුවිශේෂී දේශපාලන පරාජයක් හෝ සුවිශේෂී දේශපාලන ජයග්‍රහණයක් ලෙස දැකිය නොහැකි බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.
  • “ “සභිකයින් සියයට 50කට වඩා ආරම්භයේම තිබුණ දේශපාලන ආයතන එම සභා ජයග්‍රහණය කරලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙනී යන්නේ එම පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා පත් කරගන්නා මොහොතේ ඇති වූ තත්ත්වයේම ප්‍රකාශනයක් බවත් ඉන් රජයේ දේශපාලන බලයේ අඩු වැඩිවීමක් පිළිබඳ අදහසක් පහළ නොවන   බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මේ වනවිට  අය-වැය පරාජයට පත්වන පළාත් පාලන ආයතනවල බලය පිහිටවූ පාර්ශවයන්ට එම බලය පිහිටවු අවස්ථාවේදීම තීරණාත්මක බහුතරයක් නොතිබුණු බව පෙන්වා දෙන රෝහණ හෙට්ටිආරච්චි, මේ ඇති වී තිබෙන්නේ අලුත් තත්ත්වයක් නොව මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඇතිවුන තත්ත්වයේම නැවත ප්‍රකාශනයක් බව පෙන්වා දෙයි.

එබැවින් මේ තත්ත්වයන් සුවිශේෂී දේශපාලන පරාජයක් හෝ සුවිශේෂී දේශපාලන ජයග්‍රහණයක් ලෙස දැකිය නොහැකි බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

“ආණ්ඩුවට දේශපාලන වශයෙන් ජනතා ප්‍රසාදය අඩු වෙලා තියනව ද නැද්ද කියන කාරණාව මැතිවරණයක දී වෙනම විග්‍රහ කරගන්න පුලුවන්. ඒක දේශපාලනය පිළිබඳ විධිමත් විග්‍රහයකින් අවබෝධ කරගන්න පුලුවන්. හැබැයි අය-වැය පරාජය කිරීම හෝ අයවැය ජයග්‍රහණටය කිරීම මෙතෙක් මේ ජයග්‍රහණය කළ හෝ පරාජය වෙච්චි පළාත් පාලන ආයතන දිහා බැලුවොත් ඒවයේ ආරම්භයේම තිබුණ දේශපාලන තත්ත්වය තමයි මේ මොහොතේත් තියෙන්නේ. “


“සභිකයින් සියයට 50කට වඩා ආරම්භයේම තිබුණ දේශපාලන ආයතන එම සභා ජයග්‍රහණය කරලා තියනවා. බෙදීම තිබ්බ පළාත් පාලන ආයතනවල නැවත වරක් ඒ බෙදීම ආරම්භ වෙලා තියනවා.”


ඒ නිසා මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් ලෙස මේ තත්ත්වය සුවිශේෂී වෙනසක් විදිහට අපි දකින්නෙ නෑ. ඉදිරි වසරේදීත් මේ තත්ත්වය මේ විදිහටම දකින්න පුලුවන් වේවි. “

මේ තත්ත්වය තුළ දේශපාලන පක්ෂ ඉතාම වගකීමකින් යුතුව මහජනතාව වෙනුවෙන් හැසිරිය යුතු බවට පැෆරල් ආයතන යෝජනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් කල් දැමීමෙන් පසු ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 10ක් වැය කර ගොඩනගා ගත් පළාත් පාලන ආයතන ජනතාව වෙනුවෙන් වගකීමකින් යුතුව පවත්වා ගැනීමේ වගකීම දේශපාල පක්ෂ වෙත ඇති බවය.

“ඔබ සියලු දෙනා එක්ව පළාත් පාලන ආයතන පවත්වා ගැනීමේ වගකීම තියනවා. මහජන මුදල් අපතේ යන ආකාරයට දේශපාලන අරමුණ පමණක් මුල් කරගෙන කටයුතු නොකරන ලෙස අප ඉල්ලා සිටිනවා.” පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

( lankasara)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...