The Leader News
BREAKING
Top Ad
පුවත්

'ටොපේ ටොප් එකට වැඩේ වෙනවා කියලා මම කියන්නෙ නෑ' - ඇමති ලාල්කාන්ත

T

The Leader Desk

December 25, 2025 • 4:22 PM

'ටොපේ ටොප් එකට වැඩේ වෙනවා කියලා මම කියන්නෙ නෑ' - ඇමති ලාල්කාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යැයි කීමට තමා සූදානම් නැති බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.
  • කෙසේ නමුත් ආපදා තත්ත්වය හේතුවෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට තරම් බලපෑමක් ඇති වී නැතැයි ඔහු පෙන්වා දෙයි.
  • මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
  • ඒ අනුව, ආහාර හිඟවීමක් ඉදිරියේදී නොවනු ඇතැයි ද ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

යැයි කීමට තමා සූදානම් නැති බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.

කෙසේ නමුත් ආපදා තත්ත්වය හේතුවෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට තරම් බලපෑමක් ඇති වී නැතැයි ඔහු පෙන්වා දෙයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව, ආහාර හිඟවීමක් ඉදිරියේදී නොවනු ඇතැයි ද ඔහු කීය.

ආපදාවෙන් හානි වූ පුද්ගලයින්ට රුපියල් 25000ක මුදල ලබා දීම නිමකරමින් පවතින නමුත් රුපියල් පනස් දහසේ දීමනාව ලබාදීමේදී යම් යම් ගැටලු මතුවිය හැකි අතර එය ස්වභාවික කාරණයක් බවද අමාත්‍යවරයා කීය .

භාණ්ඩ ලබා දීමට අදාළ රුපියල් පනස්දහසේ දීමනාව සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවන අතර ඇතැමුන්ට එම මුදල ලබා දිය යුතු ද යන ගැටලුත් එහිදී මතුවන බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයින් සිතා සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ට අපදාව නොවී තමන්ට පමණක් ආපදාව සිදුවී ඇතැයි යන මානසිකත්වයෙන් සිතන බව ය.

නමුත් පොදුවේ මෙම බලපෑම සියල්ලට සිදුව ඇති බව ද හෙතෙම කීය.

“ඒත් 100% ක් ටොපේ ටොප් එකට මෙම වැඩේ සිදුවනවා කියලා කියන්න මන් සූදානම් නෑ” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.

( mawbima | Anuradha Herath)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...